උපුල් විජේසිංහ AIA අධ්‍යක්ෂක මණ්ඩලයට | සිළුමිණ

උපුල් විජේසිංහ AIA අධ්‍යක්ෂක මණ්ඩලයට

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ අනුමැතියට යටත්ව AIA අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙස උපුල් විජේසිංහ පත්කර ඇත. දැනට AIA ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම ප්‍රධාන බෙදාහැරීම් නිලධාරියා ලෙස ද කටයුතු කරන ඔහු වසර 30කට අධික පළපුරුද්ද සහිත පිළිගත් රක්ෂණ වෘත්තිකයෙකි.

එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ මාණ්ඩලික සාමාජිකයකු වන ඔහු වරලත් රක්ෂණ වෘත්තිකයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ විද්‍යා ගෞරව උපාධිධාරියකු වන උපුල් විජේසිංහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආයුගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.

Comments