සිනමාවේ පෙළහර පෑ ධර්මසිරිට ‘සතරාව දීපනී’ උපහාරය ජනපති අතින් | සිළුමිණ

සිනමාවේ පෙළහර පෑ ධර්මසිරිට ‘සතරාව දීපනී’ උපහාරය ජනපති අතින්

සිනමාවේ පෙළහර පෑ විශිෂ්ටයන්ට උපහාර දැක්වීම සඳහා ‘සතරාව දීපනී’ ප්‍රණාම උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක

සම්මන්ත්‍රණ ශාලාවේදී මාර්තු 16 බ්‍රහස්පතින්දා පස්වරුවේ උත්සවාකාරයෙන් පැවැත්වුණි.

එහිදී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් නිෂ්පාදනය කළ චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන්ට සහ එයට රංගනයෙන් දායක වූ ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන්ට සම්මාන තිළිණ ප්‍රදානය කෙරිණි. මේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ධර්මසිරි

බණ්ඩාරනායක ජනාධිපතිවරයා අතින් සම්මාන ලබාගත් අයුරුය. ඇමැති ආචාර්ය ගුණවර්ධන සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි ද මෙහි සිටිති. (සේයාරුව - සුලෝචන ගමගේ)

Comments