වැඩ වර්ජනයේ පාඩුව බිලියන 46ක් | සිළුමිණ

වැඩ වර්ජනයේ පාඩුව බිලියන 46ක්

දිනක වැඩ වර්ජනයක් සිදු කිරීම තුළින් රටට රුපියල් බිලියන 46ක මුදලක් අහිමි වන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව පසුගිය 15 වෙනිදා වෘත්තිය සමිති කිහිපයක් එක්ව සිදු කළ වර්ජනයේදීද එවන් අතිවිශාල මුදලක් රටට අහිමි වූ බව ඔහු පෙන්වා දෙයි.

රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදනය සලකා බැලූ විට මේ තත්ත්වය පැහැදිලි වී ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙතරම් අතිවිශාල මුදල්ක මෙවන් මොහොතක රටට අහිමි වීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙයි.

එසේම වැඩ වර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කළ නොහැකි බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ තත්ත්වය නිසා දරුවන්ගේ අධ්‍යාපනය සැලකිය යුතු ලෙසින් පහළ යන බවද පෙන්වා දුන්නේය. එමෙන්ම වර්ජනය සිදු කෙළේ වසරාවසාන විභාග පරීක්ෂණ පවතිද්දී බවත් ඔහු පෙන්වා දෙයි.

Comments