ගුරු පත්වීම් 34,000ක් මැයි මස | Page 3 | සිළුමිණ

ගුරු පත්වීම් 34,000ක් මැයි මස

ජාතික හා පළාත් පාසල් සඳහා නව ගුරු පත්වීම් 34,000 ක් ලබාදීමේ කටයුතු මැයි මස මැද වන විට අවසන් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) පී.කේ.එස් සුබෝධනී පැවැසුවාය.

පත්වීම් ලබාදීම සඳහා කැඳවා ඇති ඉල්ලුම්පත්වලට අනුව ඊට අදාළ තරඟ විභාගය මාර්තු මස 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, මේ වන විට ගුරුවරු 26,000 ක් බඳවා ගැනීම් කටයුතු සඳහා ඉල්ලුම්පත් 53,000 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත්ය. මීට අමතරව නව විද්‍යා පීඨ ගුරු පත්වීම් 7,884 දෙනෙක් ජාතික හා පළාත් පාසල් සඳහා බඳවා ගැනීමට නියමිත අතර, ඊට අදාළ ගුරුවරුන්ගේ නාමලේඛන මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයට යවා ඇත. ඒ අනුව උපාධිධාරි ගුරු පත්වීම් හා විද්‍යාපීඨ ගුරු පත්වීම් සියල්ල ලබන මැයි මස මැද සිට ජාතික හා පළාත් පාසල් තුළ ක්‍රියාත්මක වීමට නියමිතය.

Comments