එකම විසඳුම ආණ්ඩුව ගෙදර යැවීමයි | සිළුමිණ

එකම විසඳුම ආණ්ඩුව ගෙදර යැවීමයි

‘ප්‍රශ්න වැඩි වෙනකොට ජනතාව පීඩාවට පත්වෙනවා. ජිවන බර දවසින් දවස වැඩි වෙනවා. ජීවත් වෙන්න විදිහක් නැති වෙනකොට එයට විරුද්ධව පාරට බහිනවා. ඒක වළක්වන්න බැහැ. මේ පවතින අසාධාරණ පාලන ක්‍රමයට විරුද්ධව නැඟි සිටින්න ජනතාව පෙලඹෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිළුමිණට ප්‍රකාශ කළේය. මිනිසුන්ට ජිවත් වෙන්න බැරි තරම් ජිවන වියදම ඉහළ ගිහින් තියෙන වෙලාවක බදු වැඩි කිරීමක් සිදු වුණා; ඒ හරහා ජනතාව තවත් අපහසුතාවට පත්වෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ජනතාව පීඩාවට පත් වෙන ඕනෑම අවස්ථාවක රජයකට විරුද්ධව පාරට බහින්න ජනතාවට අයිතියක් තියෙනවා. මෙතරම් අසීරු අවස්ථාවකදී බදු බර විදුලිබිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි නොකර ඉන්න ආණ්ඩුව වග බලාගත යුතුයි. රට අසීරුතාවයට පත්වෙන අවස්ථාවක ජනතාව මත තවත් බර පටවන්නේ නැතිව ඉන්න ආණ්ඩුව වග බලාගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

Comments