උද්ඝෝෂණවලට හේතුව ජනතා ප්‍රශ්නවලට සවන් නොදීමයි | සිළුමිණ

උද්ඝෝෂණවලට හේතුව ජනතා ප්‍රශ්නවලට සවන් නොදීමයි

උද්ඝෝෂණවලට හේතුව ජනතාවගේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව ඇහුම්කන් නොදී සිටීමයි. සෑම ප්‍රශ්නයක් ම සාකච්ජා කරලා විසඳා ගන්න පුළුවන්කම තියෙද්දී ආණ්ඩුව ඒවා නොසලකා හැරියා. ඒ නිසා වැඩවර්ජන උද්ඝෝෂණ රටපුරා ඇතිවන තත්ත්වයට පත් වී ඇති බව සමඟි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිළුමිණට ප්‍රකාශ කළේය.

වෘත්තිකයන් බදු ගෙවන්න බැහැ කියලා කියන්නේ නැහැ බදු නියම කිරීමේ යම් යම් වැරදි තියනවා. ඒ සම්බන්ධයෙන් වෘත්තිකයන් විසින් විකල්ප යෝජනා කර තිබියදීත් ඒ පිළිබඳව ආණ්ඩුව නොසලකා හැරීම බරපතළ වරදක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. රටක් ලෙස අපි අකර්මන්‍ය වීම හරහා ඇති වෙන ප්‍රතිඵලය එතරම් සුබදායක නොවන අතර එතැනට ජනතාව තල්ලු කරන්න එපා කියලයි අපි රජයට කියන්නේ.

Comments