සොර සතුරන්ගෙන් ගේ දොර ආරක්ෂාවට මහසෝන් මන්ත්‍රය | Page 2 | සිළුමිණ

සොර සතුරන්ගෙන් ගේ දොර ආරක්ෂාවට මහසෝන් මන්ත්‍රය

නිවෙසට එන සොරුන්ට සිදුවන දේ ඇස්පනා පිට දැකිය හැකියි

ගුරුකම කරද්දී  මන්ත්‍ර ශාස්ත්‍ර න්‍යාය ධර්මයන්ට අනුකූලව කළ යුතුයි

දේපොළ ආරක්ෂාවට සත්‍ය ගුරුකමක්

 ‍ෙජ්‍යාතිෂ විශාරද  පාරම්පරික ගුප්ත විද්‍යාවේදී  කේ. එස්. එස්. යෝදින්ගේ

ගුරුකම් කියන වචනය ඔබට හුරු පුරුදු බවට සැකයක් නැත. එහි බලය පිළිබඳව නම් යම් සැකයක් සමහරුන්ට නැතුවාම නොවේ. එහි සත්‍ය අසත්‍ය ගැන වර්තමානය වන විට යම් යම් ගැටලු සැක සහිත තැන් ඉස්මතු වෙමින් පවතින බව පෙනී යන කරුණකි. වර්තමානයේ විස්මිත අත්දැකීම් වුවද අතීතයේ සුලබ ප්‍රවණතාවක් බවට පත්ව තිබූ බව අතීතයේ විසූ අපේ මුතුන්මිත්තන් කළ හපන්කම්වලින් පෙනෙයි. වර්තමානයේ මෙන් අතීතයේ තාක්ෂණය දියුණු මට්ටමක නොතිබුණු අතර අද තාක්ෂණයෙන් කරගන්නා බොහෝ කරුණු කාරණා එදා මන්ත්‍ර යන්ත්‍ර ගුරුකම් බලයෙන් කරගත් බව අපි දනිමු. එවන් විස්මිත ක්‍රමවේදයක් ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
අද වන විට කාර්යාල සාප්පු වැඩ බිම්වලට බොහෝ විට මුරකරුවන් යොදා ඇති බව අපි දකිමු. ඊට අමතරව C.C.T.V. කැමරාද සවිකර ඇත.
එවැනි ආරක්ෂා කොපමණ තිබුණත් හොරකම් අකටයුතුකම් වීම වැළැක්විය නොහැකිය.
එහෙම දෙයක් සිදු වුණාම හොරු අල්ලන්නට නීතියේ පිහිට පතන්නටත් සිදු වේ. සොරා නීතිය හමුවට ගෙන එනකොට සොර බඩු විනාශ වී හෝ වෙනත් කුමන හෝ දෙයක් වී තිබෙන්න පුළුවන්.
ඒ කිසිවක් නොවී තම දේපොළ ආරක්ෂා කර ගැනීමට සත්‍ය ප්‍රතිඵල ලබා ගත හැකි අපූරු ගුරුකමක් ගැන ඔබට විස්තර කියා දෙන්නෙමි. මෙම ‘පුදුමාකාර මුරකරු‘ ගැන ඔබ පුදුම වෙයි. සොර සතුරු උපද්‍රව බහුල වෙමින් පවතින මේ කාලයේ මෙය අත්හදා බැලිය හැකිය.
මෙම ගුරුකම සිදු කිරීමේදී සියල්ල සිදු කළ යුත්තේ මන්ත්‍ර ශාස්ත්‍රිය න්‍යාය ධර්මයන්ට අනුකූලව බව මතක තබා ගත යුතුය. එසේ කිරීමෙන් ඔබට පුදුම කරවන ප්‍රතිඵල ලබාගත හැකි බව අත්දැකීම් මත වගකීමෙන් යුතුව සහතික කළ හැකිය. ඔබගේ නි‍ෙවසේ ආයතනයේ හෝ වත්තේ ආරක්ෂාව භූත යක්ෂ කොටසකට බාර දීමට ඔබ කැමති නම් මේ අවස්ථාව ඔබට ස්වර්ණමය අවස්ථාවක් බවට පත්විය හැකිය.
මෙහි ක්‍රමවේදය
මෙය රීරියකාගේ ආරක්ෂාවයි. රීරි යකා ප්‍රමුඛ කරගත් යක්ෂ කොටස්වලට තම භූමිය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීම සඳහා ඔවුන්ට අඬ ගැසිය යුතුය.
ඒ සඳහා අඬ ගැසීමේ මන්ත්‍ර එසේ නොමැතිනම් දිෂ්ටි මන්ත්‍ර ජප කළ යුතුය. එම ජපය සඳහා පූජාව තැබිය යුතුය. සාමාන්‍ය සම්ප්‍රදායික මල් යහන සාදා එයට අමතරව හත් මාළුව බත සහ ලේ ගොටු 18ක් දී තටුව රතු වර්ණ සහිත රෙද්දකින් වසා නියමිත ජපය හා දිෂ්ටිය කළ යුතුය. යහන මත නොපෑගුණු තැනකින් තිරිවාන ගල් කැට 4ක් ගෙන සඳුන් කිරි පැණියෙන් දෝවන කර තටුව මැද තබා දුම් දිය යුතුය.
රතු නූල් 4 පොටක් සහ සුදු නූල් පටවල් 3ක් මේවා වෙන වෙනම අඹරා ගැට 7ක් බැගින් ගසා ගත යුතුය. අනතුරුව ජාම 3ක් බැගින් දින 03ක් ජීවම සහ දිෂ්ටිය කිරීමෙන් මහා බලයක් පිහිටනු ඇත. තිරිවානා ගල් රත් වනු ඇත. නූල් පටවල් දඟලනු ඇත.
ප්‍රථම යාමයේදී රෑ 9ට මහසෝන් දිෂ්ටිය 54 වර පහත සඳහන් දිෂ්ටියෙන් 108 වර ජප කර නිමවා ගත යුතුය. මෙයට ප්‍රාණ පලිප්පු අවශ්‍යයි. සියල්ල ශාස්ත්‍රානුකූලව විය යුතුයි. දෙවන යාමය රෑ 12ට හා තුන්වන යාමය පාන්දර 03ට ඉහත ආකාරයෙන්ම සියල්ල නිමවා සූර්යා ලෝකය පොළොවට වැටෙන්න පෙර ගැට හිර කර තිරුවානා ගල් 4 වත්තේ ඉඩමේ හෝ ආරක්ෂා කර ගත යුතු ස්ථානයේ දැමිය යුතුය. කිසිම දිනක එම භූමියට සොර සතුරු කරදර ඇති නොවේ. කරදරකාරයන් නොපැමිණේ. පැමිණෙන අය කරදර නොකරයි. පිට අයට නිතර එම භූමියේ යමෙක් සිටින බව පෙනේ. ආරක්ෂා වෙයි. සියල්ල ජය වේ.
මෙහි ජප මන්ත්‍රය
ඕම් නමෝ ඉරුගල් දේවතාවා චන්ද්‍ර මණ්ඩලයට වැඩ සඳුගල් දේවතාවිට තර්ක කරනා තැනේදී සඳුගල් දේවතාවි වම් කකුලෙන් ගැසුවාය.
ඉරුගල් දේවතාවා සඳුගල් දේවතාවිගේ සිරසින් අල්ලා සුරතින් ගැසුවාය. දෙදෙනාගේ කෝපයෙන් අහස අන්ධකාර වැටුණාය. පොළව ගනාන්ධකාර වැටුණාය. මහි භූමියෙන් මහි දේවතාවි පැන නැඟි ඇගේ අන්ධකාර යක්ෂයින් කැඳවා ලොව්තුරා බුදුන්ගේ උස පාරමිතා බලයෙන් මෙමට මුර සිටුවයි කියා සිතු තැනේදී මුළු දෙරණ ලෝ දැලින් වැසුණාය. යම දොර හිර අගුල් වැටුණාය.
දස දහසක් සක්වල අට දික් භාග ගනාන්ධකාර වැටුණාය.
ඒ ආඥාවෙන් ආනුභාවෙන් මේ වත්තට ගෙදරට එන හොරාගේ හෙරින්ගේ ඇස් නොපෙනී කන් නෑසි අත්පා වලංගු නැතුව මුර්තු අන්ධකාර යක්ෂයාට බාරයි හද කැවුතු කඩවර යක්ෂයාට බාරයි ප්‍රාණය මුර්තු සන්තී දේවතාවට බාරයි ඉඩමේ අටකොණ තුන්බිල්ලේ රීරි යක්ෂයාට බාරයි දිෂ්ටියෙන් දිෂ්ටි ගත් පුට්ටු පුට්ටු හිටුවේ හිටුවේ ඒස්වාහඃ (108 බැගින් ජාම 03යි)
ඉහත ජප මන්ත්‍රයෙන් අනතුරුව පහත දිෂ්ටි මන්ත්‍රයෙන්ද දිෂ්ටි කළ යුතුය.
දිෂ්ටි මන්ත්‍රය
ඕම් නමෝ සත් මුහුදකට ඒ දේසේ උරිරුවාල දේසේ රීරි ගල් කෝවිල් රාක්ෂි කියන දේවතාවිගේ කුස පිළිසිඳ ලේ ගල් රාක්ෂයාට ජාතක වූ සිද්ධ රීරි යක්ෂයා ලේ මුදේ ගිලි ස්නානය කර ලේ කඩක් ඇදගෙන ලේ කඩක් පොරවාගෙන ලේ විලක් හිස පිට දරාගෙන දකුණින් රීරි බිල්ලක් ගෙන මුඛයෙන් පුළුටු බිල්ලක් ගෙන රන්වන් වෘෂභ වාහනයකට පැන නැගි වැලි මූණූ අවතාරයක් මවාගෙන දේවතාවන් දහඅට දෙනෙක් දහඅට පාලියෙන් පිරිවරාගෙන රීරි රුජ්ජා අතු රුජ්ජා කඩවරයා රීරි සන්නිය රීරි කුරුම්බරයා රීරි අවතාරයකු රීරි බිල්ලේ දේවතාවා ලේ වඩිග යක්ෂයා ලේ මරුග්‍ර දේවතාවා මෙකි දේවතාවුන් දහඅට දෙනා දහඅට පාලියෙන් පිරිවරාගෙන මේ ලංකාදීපයට ගොඩ එන වේලාවට ඊශ්වර දෙවියෝත් ශක්‍ර දෙවියෝත් මහා විෂ්ණු වහන්සේත් එන්ඩ මුනිවරයින්ගෙන් සතර වරම් දෙවියන්ගෙන් වරම්
108 බැගින් (ජාම 3යි)
ඉහත ක්‍රමවේදය හරිම අපූරු ක්‍රමවේදයකි. එය ඉතාම ශාස්ත්‍රානුකූලව සිදු කරන්න. ඔබ පුදුම වනු ඇත. මහසෝනා නිවැසියන් රකින ගමන් ඉඩමට භූමියට එන සොර සතුරන් දඬුවම් සහිතව පලවා හරිනු ඇත.

Comments