සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ආර්ථිකය ශක්තිමත් වේ

සඳු ගමන් කරන්නේ 11, 12, 01, 02 යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. අතරමැද ගැටලු සහගත අවස්ථා මතු කළත් ඒවා දිගින් දිගටම නොපවතී. ඉවසීමෙන් කටයුතු කරන්න. බුද්ධිමත් වන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යා හැකි අතර ආර්ථිකය ශක්තිමත් වේ. සුළු අපල අසනීප මතුවිය හැක. අපල අවම කර ගැනීමට ආවේගශීලී බවින් මිදී සංයමයකින් යහපත් සිතුවිලිවලින් යුක්තව කටයුතු කරන්න.

සුබ අංක - 2, 4, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

වෘෂභ - දරුවන්ගේ ඉගෙනීම් දියුණුවට

සඳු ගමන් කරන්නේ 10, 11, 12, 01 යන භාවයන් මතිනි. මිල මුදල් ලාභ සහ කීර්තිය මේ සතිය තුළ ඔබට හිමි වුවත් නීතිමය කටයුත්තකට පෙලඹීමක් සිදු විය හැක. අනවශ්‍ය ගමන් සහ අවේලාවේ ගමන් නොයන්න. දරුවන්ගේ ඉගෙනීම සුබ අතට හැරේ. ගෘහ ජීවිතය යහපත්ය. අපල මඟහරවා ගැනීමට පාට කීපයකින් යුතු මල් පූජා කර දෙවියන්ට පිං දෙන්න. තුන් සූත්‍රය කියන්න.

සුබ අංක - 3, 6, සුබ වර්ණ - සුදු, රෝස, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

මිථුන - ගෘහ ජීවිතයේ සතුට

සඳු ගමන් කරන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව සතිය ආරම්භ කරයි. දුවා දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවෙන අතර ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. මිල මුදල් අත මිට ගැවසේ. සතිය අවසානය තරමක් ගැටලුකාරීවේ. නීතිමය ප්‍රශ්න ඇති විය හැකියි. පාදවල වේදනා ඇතිවිය හැකියි. අපල අවම කර ගැනීමට කොළ කැඳ පානයක් දුර්වල අයට පිළිගන්වන්න.

සුබ අංක - 5, 6, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, සිකුරාදා

 

කටක - රැකියා ව්‍යාපාර සාර්ථකත්වයට

සඳු ගමන් කරන්නේ 8,9,10,11 යන භාවයන් හරහාය. සුළු ගැටලු මධ්‍යයේ සතිය ආරම්භ වුවද ඉන්පසු ගෘහ ජීවිතය සාමකාමී විය හැක. ආගමික උත්සව ජන ප්‍රධානීන්ගෙන් උදවු උපකාර හිමිවේ. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵල වේ. රැකියා ව්‍යාපාර සාර්ථකත්වයට පත්වෙයි. අජීර්ණ මුත්‍රා දෝෂ ඇති විය හැකියි. අපල අවම කර ගැනීමට අන්තරාය නිවාරණ පිරිත කියන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - සුදු, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා

 

සිංහ - ප්‍රධානීන්ගේ උපකාර

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. රැකියා ව්‍යාපාර වලින් ලාභ ප්‍රයෝජන හිමිවන දරුවන්ගේ යහපත් කටයුතු ඵල දරන සතියකි. අගමික භක්තිය ඇති වේ. ප්‍රධානීන්ගෙන් උපකාර ලැබේ. විවාහ කටයුතු සපල වේ. කනගාටුදායක පුවත් අසන්නට ලැබිය හැක. අපල අවම කර ගැනීමට මෝර පිරිත කියන්න.

සුබ අංක - 3, 5, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බදාදා

 

කන්‍යා - ව්‍යාපාර කටයුතු දියුණුවට

සඳු ගමන් කරන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි. දරුවන්ගේ උසස් ඉගෙනීමට අවශ්‍ය දැනුම වර්ධනය වන සුබ සතියකි. ඥාති හිතවත් අයගේ උපකාර සහ ව්‍යාපාර කටයුතු දියුණුවේ. ගෘහ ජීවිතය ගැටලු නොමැතිව ගත කරයි. සුළු අසනීප, අපල තත්ත්වයක් මතු විය හැක. අපල අවම කර ගැනීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.

සුබ අංක - 4, 6, සුබ දවස් - බදාදා, සිකුරාදා, සුබ වර්ණය - කොළ

 

තුලා -ව්‍යාපාර කටයුතුවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 5, 6,7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ ඉගෙනීම මෙන්ම සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලබන සතියකි. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇතිවේ. අසනීප, කරදර යෙදෙන්නට පුළුවන. අපල අවම කර ගැනීමට සිකුරාදා දින නිර්මාංශ වන්න. එදින බෝමළුව පිරිසිදු කරන්න.

සුබ අංක - 3, 4, සුබ දවස් - සිකුරාදා, සුබ වර්ණ - සුදු, ක්‍රීම්

 

වෘශ්චික - දූදරු මාපිය සබඳතා වර්ධනය වේ

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය තුළ දරු මුණුපුරු මාපිය සබඳතා ඇතිවෙයි. සතුටින් කල් ගෙවයි. රැකියා ව්‍යාපාර වලින් ආදායම් ලබයි. පුණ්‍ය කටයුතුවලට සහභාගි වීමේ අවස්ථා උදාවේ. දරුවන්ගේ දැනුම දියුණුවේ. ජයග්‍රහණ ලබයි. අපල අවම වීමට සතුනට ආහාර ජලය දෙන්න.

සුබ අංක - 3, 8, 7, සුබ වර්ණ - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

ධනු - සහජ දක්ෂතා ඔප් නැංවේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. මා පිය සහෝදර දූ දරු සබඳතා වැඩි දියුණු වෙයි. දරුවන්ගේ ඉගෙනීම ජයග්‍රාහී මාවතකට යොමු වෙයි. සහජ දක්ෂතා වර්ධනය වේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙන ව්‍යාපාරවලින් ලාභ හිමි වන සතියකි. අපල අවම වීමට කහ පැහැයට හුරු ගිලන්පස කහ මල් බුදුන්ට පූජා කර දෙවියන්ට පිං දෙන්න.

සුබ අංක - 9, 7, 8, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා,

 

මකර - මිල මුදල් ලාභ

සඳු ගමන් කරන්නේ 2,3,4,5 යන භාවයන් මතිනි. මිල මුදල් ලාභ සාමාන්‍ය අයුරින් ලැබෙන්නට ඉඩ ඇත. නිවෙස් අලංකාරයට මුල් තැනක් දෙයි. දරුවන්ටද යහපත්ය. ජයග්‍රහණ අත්වේ. පොදුවේ ගත් කල සුබ පල ලැබෙන සුබ පල වර්ධනය වන සතියකි. හෘදය ආශ්‍රිත වේදනා ඇති විය හැක. අපල අවම වීමට තෙරුවන් ගුණ භාවනාව කරන්න.

සුබ අංක - 9, 10, සුබ වර්ණ - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

කුම්භ - කීර්තිය, ගෞරවය හිමි වේ

සඳු ගමන් කරන්නේ ලග්නය 2,3 සහ සිව්වැන්න මතිනි. මිල මුදල් අතමිට ගැවසෙන මව්පිය දූදරු සහයෝගය ලැබෙන සතියකි. කීර්තිය ගෞරවය පැතිරෙයි. ගෙදර දොර අලංකාරයට වැඩ සලස්වාගනියි. ජයග්‍රාහි සතියකි. ලේ දෝෂ, පීනස් රෝග, සෙම් ගති මතු කරයි.

අපල අවම කර ගැනීමට වෙල් මාළුන්ට කෑම දමන්න.

සුබ අංක - 9, 11, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සෙනසුරාදා, සිකුරාදා

 

මීන - සහෝදරයන්ගේ උපකාර

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2 හා 3 වැන්න මතිනි. ආරම්භය ගැටලු සහගත වේ. ඉන් පසු සුබ පල ලබා දෙයි. මිල මුදල් අතමිට ගැවසේ. එහෙත් ඔබ හිතන ආකාරයට තෘප්තිමත් නොවේ. සහෝදරාදීන්ගෙන් උපකාර හිමි වේ. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සුබ පල ගෙන දෙයි. මිශ්‍රපල ගෙන දෙන සතියකි. ඉවසීම වචන පරිහරණය පාලනය තුළින් සාමකාමී බවක් ගොඩනගා ගන්න. අපල අවම වීමට උදේම බුදුන්ට පැන් වීදුරුවක් තබන්න. අභිසම්භිධාන පිරිත නිතර කියන්න.

සුබ අංක - 9, 12, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

Comments