
දහඅට ආකාරයකට කේන්දරයේසටහන් විය හැකියි
වාහන යෝග ජන්ම පත්‍රයක සටහන් වේ නම් වාහන සිහිනයඅනිවාර්යයෙන් සැබෑ වේවි
එකම නිවසේ කීප දෙනෙකුටම වාහන යෝග තිබෙන්නට පුළුවනි
ෙජ්‍යාතිර් විද්‍යා විශාරද ස්වාපන මනෝ චිකිත්සකසම්පත් වීරසිංහ
අද සමාජයේ අත්‍යවශ්‍ය ජීවිතාංග ගණනාව අතුරින් යාන - වාහනද මුල් තැන ගනී. එසේම අවම වශයෙන් පාපැදියක් හෝ නොමැති නිවෙසක් සොයා ගැනීම පවා අසීරුය. වාහන සහ පුද්ගලයා අතර එතරම්ම අන්‍යෝන්‍ය බැඳීමක් පවතී.
එක් එක් පුද්ගලයා සතු වාහන, එම වාහනවලින් සිදු වන ලාභ, පාඩු, එසේම වාහන පලදීම ආදිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එම තත්ත්වය අපේ ලැබීම, පූර්ව වාසනා බලය මත ක්‍රියාත්මක වෙයි. එම තත්ත්වය ජන්ම පත්‍රය හරහා ඉතා නිවැරදිව ප්‍රකාශ කළ හැකිය. මෙලෙස අතීතයේ වාහන පිළිබඳව සඳහන් වූයේ කරත්ත ආදී ප්‍රාථමික මට්ටමේ ඒවාය. අද සමාජයට සාපේක්ෂව මෙකී වාහනයක් ප්‍රාථමික වුවද මේවා එකල ධනවතුනට, ප්‍රභූවරුනට උරුම වූ ඒවාය. ජන්ම පත්‍රයක වාහන යෝගයේ බලවත් වීම මත අප හට උරුම අයිති වන වාහන හෝ තාවකාලික භාවිතයට උරුම වන වාහන පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.
1) ලග්නාධිපතියා 4, 9 හෝ 11 වැන්නේ තැන්පත්ව සිටීම.
2) 4 අධිපතියා සුබ ස්ථානයක තැන්පත්ව සිටියදී 11 අධිපතියාගේ දෘෂ්ටියට ලක්වීම.
3) 4 අධිපතියා බලවත්ව 9 හෝ 11 අධිපති ග්‍රහයා 1,4,5,7,9,10,11 යන භාවයක සිට හෙළනු ලබන දෘෂ්ටියට ලක්වීම.
4) 4 අධිපති 4, 9හෝ 11 වැන්නේ තැන්පත් වීම හෝ 11 අධිපති 4 වැන්නේ තැන්පත් වීම.
5) 4 අධිපතියාව ගුරු ග්‍රහයාටත්, 4 වන භාවය ඊට අධිපතියාටත් පෙනීම
6) සඳුගෙන් 7 වැන්නේ සිකුරු ග්‍රහයා බලවත් වීම.
7) ගුරු, සිකුරු සහ නවවැන්නාධිපති යන තිදෙනා සංයෝගව 4, 9 හෝ 11 වැන්නේ තැන්පත්ව සිටීම.
8) 9, 10 හෝ 11 වැන්න හිමි ග්‍රහයින් 4 වැන්නේ යෝග වීම හෝ ඉන් දෙදෙනෙකු එහි යෝගව අනෙකා හට පෙනීම.
9) 4 හෝ 10 වැන්න අධිපතීන් වර්ග බල අත් කරගෙන ලග්නාධිපතියාගේ දැක්මට ලක්වීම.
10) 4 අධිපති සහ ගුරු යෝගව ලග්නගතව සිටීම.
11) 4 අධිපති උච්චව සිටින විට එකී
උච්ච රාශාධිපතියා කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක තැන්පත්ව සිටීම.
12) 4, 9, 11 අධිපතීන් 1,4,7,9,10,11 තැන්වල බලවත්ව පිහිටා තිබියදී සිකුරු ග්‍රහයාද එබඳුම තැනක තැන්පත් වීම.
13) සිකුරු ග්‍රහයා 4 වැන්නේ තැන්පත් වීම. මෙහි සිකුරු ග්‍රහයාගේ බලවත් වීම මත උරුම වාහනයේ ප්‍රබලත්වය ද තීරණය වෙයි.
14) 4, 11 අධිපතීන් අන්‍යෝන්‍ය වශයෙන් පරිවර්තනය වීම හෝ 4 අධිපතියා 11 වැන්නේ තැන්පත්ව සිටින විට ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්වීම.
15) 12 අධිපති උච්චව දෙවැන්නාධිපති සමඟ යෝගව සිටින විට 9 අධිපතියා විසින් දකිනු ලැබීම.
16) 10 වැන්නේ ග්‍රහයකු උච්චව සිටින විට 9 වැන්නටත්, ලග්නයටත් අධිපතීන් විසින් දකිනු ලැබීම .
17) 4 අධිපති ගුරු සමග යෝගව ලග්නයේ තැන්පත් වීම.
18) 4 සහ 11 අධිපතීන් 4, 9, 11, 10, 1, 2 යන භාවයක තැන්පත් වීම.
මෙලෙස වාහන යෝග ජන්ම පත්‍රයක සටහන් වේ නම් ඔබගේ වාහන සිහිනය අනිවාර්යයෙන් සැබෑ වන අතර එහි තිබෙන ප්‍රබලතාව මත අපට උරුම වන වාහන පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගත හැකිය. මෙලෙස පූර්ව නිගමනයක් මත වාහනයක් මිල දී ගැනීමට සැලසුම් කරනවා නම් එම වාහනයෙන් අපට සිදුවන පාඩු, අගති තත්ත්වයන් අවම කර ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන් ණය හෝ කල්බදු පදනම මත වාහන මිල දී ගැනීමේදී සහ අධික මිල ගණන්වල වාහන මිල දී ගැනීමේදී මෙකී පූර්ව නිගමන ඉතා වැදගත් වනු ඇත.
ඇතැමුන් වාහනවලින් දියුණුව මෙන්ම අධික ලාභ ලබමින් තව තවත් නවීන පන්නයේ වාහනවලට යමින් වාහන හරහා ජීවිතය විඳින අතර තවත් සමහරෙක් වාහන නිසාම තම දේපළ පවා අහිමි කරගෙන ඇති අතර අනතුරු ද නිරන්තරව කර ගනිමින් නීතිය හමුවේ අසරණ වන අවස්ථා පිළිබඳවද නිරන්තරයෙන් අසන්නට ලැබේ.
නිවසේ පදිංචි කීප දෙනෙකුටම මෙලෙස වාහන යෝග තිබේ නම් එකී නිවෙස වාහන වැඩි ගණනකට උරුමකම් කියයි. කෙසේ නමුත් ඒරාෂ්ටක කාලවලදී තමාගේ නමට පවතින වාහන වැඩි ප්‍රමාණයකට අසුබ සිදුවීම් වීම ප්‍රායෝගික තත්ත්වයකි. මෙවන් විටකදී වාහන මාරු කිරීමට සමාජයේ බොහෝ දෙනෙකු පෙලඹී ඇත. එය ප්‍රායෝගික නොවුණද 'වාහන යෝග' තම ජන්ම පත්‍රයේ නොමැති නම් වඩාත් ප්‍රවේසම් විය යුතුමය.