
රේවතී නැකත යෙදෙන 23 දා අතිවිශිෂ්ට සුබ මුහුර්තයක්
නිවාස වැඩ කටයුතු ආරම්භයට, නව රැකියා භාර ගැනීමට, දරුවන්ගේ සියලු යහපත් කටයුතුවලට, වැව්, ළිං, පොකුණු කැපීමට, වෙදකම් ඇරැඹීමට, ගොවිතැන් කටයුතුවලට හා වෙළහෙළඳාම්වලට, විහාරස්ථානවල සුබ කටයුතු ඇරැඹීමට ඉතා විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන බුධට අයත් රේවතී නැකතෙන් යෙදෙන සුබ මුහුර්තයක් 2023 මාර්තු මස 23 වැනිදා බ්‍රහස්පතින්දා උදෑසන 06.14ත් පස්වරු 02.14ත් අතර කාලය තුළ යෙදී තිබේ.
බෙරණ, පුවපල්, පුවසල යන සිකුරුගේ නැකත්වලින් උපන් අයට ද අස්විද, මා, මුල යන කේතුගේ නැකත්වලින් උපන් අයට ද රෙහෙණ, හත, සුවණ යන සඳුගේ නැකැත් වලින් උපන් අයට ද පුෂ, අනුර, උත්‍රපුටුප යන සෙනසුරුගේ නැකැත්වලින් උපන් අයට ද අද, සා, සියාවස යන රාහුගේ නැකැත්වලින් උපන් අයට ද මේ දින කටයුතු කිරීම විශිෂ්ට ප්‍රතිඵල උදා කර දෙන අතර පොදු වැඩවලට ද ඉතාම යෝග්‍ය වේ.
මෙදින රාහු කාලය ප. ව. 1.48 සිට 03.19 දක්වා පවතින බැවින් දහවල් කාලයේ එනම් 1.48 දක්වා පල ප්‍රයෝජන ගත හැකිය. ගුරුට අයත් බ්‍රහස්පතින්දා දවස සතියේ දින හතේම සුබ දවස විදිහට සැලැකේ. ගුරුගේ දවසේ බුධ ග්‍රහයාගේ නැකැතක් යෙදීම බුද්ධිමතුන් දෙදෙනෙකුගේ එක්වීමකි. ඒ නිසා අකුරු කියවීම් ආදියට මෙන්ම එවන් ශිල්ප ආයතන ආරම්භයටද ඉමහත් පිටිවහලක් වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ