
දැරියන් නිදන යහනේ පසෙක සිටින නොපෙනෙන රුව
මල්වර දැරියන්ට කළු කුමාරයාගේ ඇල්ම බැල්ම
කළු කුමාරයාගේ කරදරය නැතිවෙන්න පලඳින කුමාර මණ්ඩලය
ෙජ්‍යාතිර්වේදී මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
කන්‍යාවියකට වයස අවුරුදු අට ළංවන විට ඇගේ අම්මාට ඈ ගැන පුංචි පුංචි ඉඟි දැනෙනවා. විශේෂයෙන් මේ දිනවලට රාත්‍රියට ඇය නින්දට යන්නට පෙර ඇඟපත සෝදා ගැනීමේදී සබන් වැනි ද්‍රව්‍ය ගැල්වීමට ඇයට ඉඩ නැහැ. පිරිසිදු සුදු වස්ත්‍ර යටට අඳින්න අම්මා උපදෙස් දෙනවා. බිත්තර, බැදුම්, පිලිස්සුම්, ගොම්මනේ ගමන් තහනම් කරනවා. මේ කාලය තුළ එක් දිනක උදෑසන අම්මා පුංචි දියණිය තව වැඩිහිටි ගැහැනු කෙනෙක් සමඟ එක කාමරයක තනි නොකර සිටුවා පවුලේ සහෝදරයන්ට ඇය බැලීම තහනම් කර, පුංචි අම්මා හෝ ලොකු අම්මා සමඟ ජ්‍යෝතිෂ මාමා හමුවන්න බුලත් අත පිළිගැන්වා ඇය හරිබරිවී පුටුවක ඉඳගන්නවා. උගුරේ රැල් බුරුල් කළ ජ්‍යෝතිෂ මාමා කිසියම් ගණිතමය ප්‍රස්ථාරයක් ඇඳ දුන් බුලත් අත පරීක්ෂා කර දියණියගේ ප්‍රථම මල්වරය ගැන ලකුණු කියනවා.
අවසානයේදී බිමට නොකැඩූ පොල් මලක් විහිදුවා ඇය සිටින කාමරයේ තැබීමටත් පොල්තෙල් පහනක් දල්වා ඒ සමඟම තැබීමටත් උපදෙස් දී මල්වර ස්නානයට එක් උදෑසනක් නම් කරනවා. මෙම මල්වරය වී පැය කීපයක් ගතවීමට මත්තෙන් ඇගේ ශරීරයෙන් කිසියම් දහඩිය දුර්ගන්ධයක් පිටවීමට පටන් ගන්නවා. ශරීරය පිරිසිදු නොකරන නිසාත් අඩුම තරමින් හිස පීරීමක්වත් නොකරන ඇගේ කෙස් වැටියෙන්ද කිසියම් හුමාලයක් පිට වනවා. ඒ හුමාලය තරමක අප්‍රසන්න වුවත් අදෘශ්‍ය 'ජ්‍යෝතිෂ මාරයාට' නැත්නම් කළු කුමාරයාට ඒ ගන්ධය ඉතා මිහිරි සුවඳක් වනවා. ඔහු ඒ සුවඳට පෙම් බඳිනවා. ඇගේ මල්වර ස්නානය වන තෙක් ඒ හුමාලය සිඹිමින් මේ කළු කුමාරයා කිසියම් වින්දනයක් ලබනවා.
කළු කුමාරයා කියන්නේ එක්තරා අදෘශ්‍යමාන 'දිෂ්ටි' බලවේගයකි. මේ කළු කුමාරයා දෙවැනි වන්නේ කළු ගල් කෝවිලේ කළු මානෙල් මල් විලේ වැඩ වාසස්ථානය කරනවා යැයි කියන පාතාල යක්ෂ යක්ෂණියන්ට පමණයි කියලා තමයි කළු කුමාර අතීත කතාවේ කියැවෙන්නේ. කිසියම් දෝෂයකින් හෝ අතපසුවීමකින් හෝ තනි වීමකින් මේ කළු කුමාර දිෂ්ටියෙන් මුදවා ගන්ට හැකි නොවුණහොත් මේ කළු කුමාරයා ඇයට පෙම් බඳිනවා. මේ පෙම් බැඳීම ඇගේ ශරීරයෙන් පිටවන හුමාලයටයි. ඇය පිරිසිදුව සිටීමට වඩා අපිරිසිදුව සිටීම අගේ කරනවා. මේ කළු කුමාරයා ඇය අදෘශ්‍යමානව අල්ලා ගත්තාට පසු කිසියම් ගුප්ත ගුරුකමකින් නතර කිරීම හැර ඇය ළඟින්ම සිටිනවා. නමුත් ශාරීරික වශයෙන් කිසිම කරදරයක් කරන්නේ නැහැ. එකම දේ ඇය වෙනත් කෙනෙකුට අයිති වන්නට ඉඩ දෙන්නේ නැහැ. එපමණයි. ඇය රාත්‍රියට / දහවලට තනියම නිදන විට එම ඇඳේම අනිත් පැත්තේ 'ඔහු' නිදන බව හැඟෙනවා. ඒ බව ඇයටද හැඟෙනවා. නමුත් ඔහු දෘශ්‍යමාන වන්නේ නැහැ. ඔහු ඇයට දීර්ඝ නින්දක් පුරුදු කරනවා. 'කළු කුමාරයා' ඇය සමඟ සිටීමේ පූර්ව ලක්ෂණයයි. ඇය නින්දේදී අතින් ස්පර්ශ කළ විට කෙනෙක් නිදා සිටින බව දැනුණත් දෘශ්‍යමානව දැනෙන්නේ නැහැ. ඇයට තදින් නින්ද ගිය විට කවුදෝ කනට පිඹීමක් කරනවා. මේ දෙවැනි ලක්ෂණයයි. මේ ලක්ෂණ ඇති වන්නේ කළු කුමාරයා ඇය ලුහුබඳින බව හැඟවීමටයි. මේ අතරතුර ඔහු ඇයට විවාහයක් කර ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. විවාහය එපා කරවනවා.
යම් හෙයකින් විවාහයක් සිදු වුවද කාලානුරූපව ගැබ් ගැනීම් නතර කරනවා. කිසියම් විපර්යාසයකින් ගැබ් ගත්තද එය ගබ්සා කිරීමට මේ කළු කුමාරයා දක්ෂ වනවා. ගැහැනියකගේ ජීවිතයේ සන්ධිස්ථාන 3යි. එනම් මල්වරය, විවාහය, සහ පළමු දරු ප්‍රසූතිය. මේ සන්ධිස්ථාන ත්‍රිත්වයේදී ගැහැනියකගේ ස්වරූපය, තත්ත්වය වෙනස් වනවා. මෙම වෙනස් වීමේ ත්‍රිත්ව ක්‍රියාවලියෙන් කළු කුමාරයාගෙන් බේරා ගත්තොත් නැවත කිසිම දිනක මොහු කරදර කරන්නෙ නැහැ.
සමහර විට දරු සම්පත් නොමැති වීමෙන් ඇගේ විවාහ ජීවිතය අසාර්ථක වීම හෝ කිරීම කළු කුමාරයාගේ ක්‍රියාවක් නොවේ. මල්වරයෙන් ආරම්භ වූ මේ කළු කුමාර සම්බන්ධය පළමු දරු ප්‍රසුතිය තෙක් දිව යනවා. මෙය සියුම් බලවේගයක් වුවද ක්‍රමයෙන් වැඩි දියුණු වන 'දිෂ්ටි බලවේගයක්' බව ගුප්ත ශාස්ත්‍රයේ පැහැදිලිව සඳහන් වනවා.
සම්මත රජ දවස මේ කළු කුමාරයා විසින් ඉල්ලන ලද 'වරයක' ප්‍රතිඵලයක් බව පුරාණ ගුප්තවේද පොතේ සඳහන් වනවා. මෙම කළු කුමාර කරදරය ගුප්තවේදියාට දැන්වීමෙන් පසු ඔහුට නිතැතින් වැටහී යන්නෙ මල්වරයේ සිට කරුණු අවබෝධ කර ගැනීමෙන් පසුවයි. ඔහු "කුමාර මණ්ඩලය" යන්ත්‍රය පැලැඳීමට උපදෙස් දෙයි. මෙම යන්ත්‍රය මැතිරීමේදී "කළු ගල් කෝවිලේ කළු මානෙල් මල් විලේ වැඩ වාසස්ථානය කරන සිද්ධ කළු කුමාර දේවතාවා කළු වනක් ඇඳ කළු වතක් පොරවා" යන මන්ත්‍රය 1800 වර මැතිරීමෙන් මෙම කළු කුමාරයා මර්දනය කළ හැකි බව මන්ත්‍ර ශාස්ත්‍රයේ දැක්වෙනවා. මේ ගැන යමක් කිව යුතුමය. කිසියම් සටහනකින් පැරදුණු විට මනුෂ්‍යයාමෙන් නැවත නැවත පිලිගැනීම් කළද මේ කළු කුමාරයා මේ සටනින් පැරදුණු විටදී නැවත ඒමක් හෝ පලිගැනීමක් නොකරන බව දැනගත යුතුමය.
දියණියකගේ මල්වරයේදී ඇය කිසි විටෙකත් තනි නොකරන ලෙසත් ප්‍රවේසම් කර ගැනීම සියලුම මවුවරුන්ගේ යුතුකම බවත් ඒ සඳහා සියලුම දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන පියවර ගැනීම කළ යුතු බව තරයේම සිතට ගත යුතුය.