පාසල් දිවා ආහාර වැඩසටහන දෙගුණ කරයි | Page 3 | සිළුමිණ

පාසල් දිවා ආහාර වැඩසටහන දෙගුණ කරයි

පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
 
අමාත්‍යංශය නිවේදනය කරනුයේ පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත.
 
තව ද සහල්, පරිප්පු සහ සැමන් මෙන් ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කෙරී ඇති අතර සතියේ දින පහේ ම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇත.
 
මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටත් කටයුතු යොදා ඇත.
 
සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙම තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පරිදි දැනුම්වත් කර ඇත.
 
දරුවන් පාසල් පැමිණීම වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති කිරීම, යහපත් සෞඛ්‍ය  ආහාර පුරුදු ඇති කිරීම, සමබර ආහාර වේලක් සඳහා දරුවන් දිරිගැන්වීම ඒ ඔස්සේ පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යෝග්‍ය මට්ටමකින් පවත්වාගෙන යෑම මෙන් ම පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇති ව වඩාත් ප්‍රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීම මෙම පෝෂණ වැඩසටහනේ මූලික අරමුණු වේ. 
 

Comments