සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි | සිළුමිණ

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. 
 
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.
 
නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Comments