මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කෙරේ | Page 2 | සිළුමිණ

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කෙරේ

 
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතාව එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙයි
 
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් මහතා වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණ ගෙන ඇත.

Comments