මන්ත්‍රී මහින්දානන්දට ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කණගාටුව | සිළුමිණ

මන්ත්‍රී මහින්දානන්දට ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කණගාටුව

 
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදෙස්ගතවීම සඳහා පසුගිය දහවැනිදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු විදෙස්ගතවීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබුණි
 
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට ඔවුන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබෙයි
 
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධතියට මන්ත්‍රී මහින්දානන්දගේ දත්ත වෙනුවට වෙනත් අයෙක්ගේ දත්ත ඇතුළත් වීම හේතුවෙන් මෙම  දෝෂය ඇති වූ බව  ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරයි.
 
මේ සිද්ධියට අදාළව අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ නිළධාරිණියගේ රජකාරිය මේ වන විට අත්හිටුවා ඇත.
 
 

Comments