දශමෙන් මඟ හැරුණු ශ්‍රි ලංකා ක්‍රිකට් සිහිනය | සිළුමිණ

දශමෙන් මඟ හැරුණු ශ්‍රි ලංකා ක්‍රිකට් සිහිනය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි දී පැවති පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය ගැනීමට සත්කාරක නවසීලන්තය මීට සුළු වේලාවකට පෙර හැකි විය.
 
 පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 355ක් සහ දෙවැනි ඉනිම සඳහා ලකුණු 302ක් රැස් කළේය.
 
නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 373කි.
 
ඒ අනුව, නවසීලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවුණි.
 
ලකුණු 285ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඊයේ (12) දිනය සඳහා තරගය නතර කරනවිට සිය දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 28කි.
 
අද දිනය සඳහා තරගය ආරම්භ කිරීම පැය හතර හමාරකින් පමණ ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් අද දිනය සඳහා යොමුකිරීමට නියමිතව තිබූ පන්දුවාර සංඛ්‍යාවෙන් පන්දුවාර 27ක් අහිමි වුණි.
 
ඒ අනුව, නවසීලන්තය ජයග්‍රහණය සඳහා පන්දුවා 53කදී කඩුලු 9ක් අතැතිව ලකුණු 257ක් රැස් කරගත යුතුව තිබුණි.
 
නවසීලන්ත ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ටොම් ලේතම්ව ලකුණු 25ක් රැස් කරගෙන සිටියදී ප්‍රභාත් ජයසූරිය විසින් අද දවාගනු ලැබීය.
 
අනතුරුව ලකුණු 33ක් රැස් කරගෙන සිටියදී කේන් විලියම්සන් ලබාදුන් උඩපන්දුවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම තරගයේ තීරණාත්මක සිදුවීමක් බවට පත්වුණි.

Comments