රාජ්‍ය විරෝධී වැඩ කළොත් රජයේ රස්සා නෑ | Page 2 | සිළුමිණ

රාජ්‍ය විරෝධී වැඩ කළොත් රජයේ රස්සා නෑ

උපාධිධාරීන් ඇතුළුව රාජ්‍ය සේවයේ සියලු රැකියා අවස්ථා සඳහා බඳවාගැනීම් සිදුකිරීමේදී සහ උසස්වීම් ලබාදීමේදී රාජ්‍ය විරෝධී මෙන්ම නීත්‍යානුකූල නොවන කටයුතු වල නිරතව ඇතිද යන්න සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

මේ වනවිට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු වලට පවා රාජ්‍ය විරෝධී කටයුතු වලට සහය දක්වන කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් පත්ව ඇති බවත් එම පිරිස් සුක්ෂම ලෙස රජයේ කටයුතු කඩාකප්පල් කරන බවට ලැබී ඇති බුද්ධි වාර්තා මෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාමික උසස් නිලධාරීන්ගේ නිර්දේශ මත පදනම්ව රජය මෙම තීරණය ගෙන ඇත. එහිදී ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ රාජ්‍ය විරෝධී සහ කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පිරිස් රාජ්‍ය සේවයට එක්වීම ස්ථාවර රාජ්‍ය පාලනයකට බාධාවක් බැවින් රාජ්‍ය සේවයේ බඳවාගැනීම් සිදුකරන විට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බවය.

Comments