පුංචි ඡන්දය ගැන කතා කරන අය එදා ඡන්ද කල්දාපුවා ගැන නිහඬයි | සිළුමිණ

පුංචි ඡන්දය ගැන කතා කරන අය එදා ඡන්ද කල්දාපුවා ගැන නිහඬයි

ඇමැති සුසිල් පාර්ලිමේන්තුවේදී කියයි

සියලු මැතිවරණ නිසි කලට පැවැත්විය යුතුය යන මතයේ සිට රජය සෑම අවස්ථාවකම කටයුතු කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී සිකුරාදා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

එහෙත් පවතින තත්ත්වයන් අවබෝධ කරගත යුතු අතරම සියලු අර්බුද කළමනාකරණය කිරීම වෙනුවෙන් අසීරු හා දුෂ්කර තීන්දු ගැනීමට සිදුව ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

ඉතිහාසය පුරාවට විවිධ අවස්ථාවලදී නියමිත කාල වකවානු වලදී මැතිවරණ පවත්වා නොමැති අතර, 1972 වසරේ සිට එවැනි අත්දැකීම් රැසක් ඇති බවද ඇමතිවරයා පැවසීය.

2016 වසරේදී පැවැත්වීමට නියමිතව තිබු පළාත් සභා මැතිවරණය වසර දෙකක් කල් දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රජය කටයුතු කළ අතර, එය පැවැත්වූයේ 2018 වසරේදී බවද හෙතෙම ප්‍රකාශ කළේය

එමෙන්ම ‍ජේ. ආර්. ජයවර්ධනගේ වකවානුවේදීත් මෙවැනි අත්දැකීම් ඇති අතර, වසර 12 ක් මැතිවරණ නොපැවැත්වූ අතීත අත්දැකීම් ඇති බවද ඇමතිවරයා සිහිපත් කළේය.

 ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

Comments