ඉන්ධන ඉල්ලුම පහතට | සිළුමිණ

ඉන්ධන ඉල්ලුම පහතට

පසුගිය 2022 වසර හා සසඳන කල මේ වසරේ ජනවාරි මාසයේ ඉන්ධන අලෙවිය ශීඝ්‍ර ලෙසින් පහළ බැස ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මස ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්ද පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩු වී ඇත.

2022 වසරේ ජනවාරි ඩීසල් මෙට්‍රික් ටොන් 199,032ක් අලෙවි වී ඇති අතර 2023 ජනවාරි මාසයේ එම ප්‍රමාණය 93,106කි. සුපිරි ඩීසල් එම වසරේ ජනවාරි මාසයේ මෙට්‍රික් ටොන් 6,544ද මේ වසරේ 1,882ක් ද අලෙවි වී ඇත.

භූමිතෙල් පසුගිය වසරේ ජනවාරි මාසයේ මෙට්‍රික් ටොන් 19,212ක් අලෙවි වී ඇති නමුත් මේ වසරේ ජනවාරි මාසයේ එය දැක්වුණේ මෙට්‍රික් ටොන් 4,757ක් ලෙසිනි.

ඔක්ටේන් 95 පෙට්රල් මෙට්‍රික් ටොන් 10134 ක් 2022 වසරේ අලෙවි වී ඇති අතර මේ වසරේ මෙට්‍රික් ටොන් 2087ක් අලෙවි වී ඇත. ඔක්ටේන් 92 පෙට්‍රල් පෙර වසරේ අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 110491ක් වන අතර එය මේ වසරේ ජනවාරි මාසයේ දැක්වුණේ මෙට්‍රික් ටොන් 79510ක් ලෙසිනි.

Comments