ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරනවා | සිළුමිණ

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරනවා

අධිකරණය කියා තිබියදීත් ඡන්දයට මුදල් නිදහස් නොකර ඡන්දයට බාධා කර රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට කීය.

ජවිපෙ ලේකම්වරයා කියා සිටියේ IMF ආධාර ගැන කතා කරන ආණ්ඩුව උත්සහ ගන්නේ ණය අරන් ණය බරකින් නිදහස් වීමට බවය. ණයෙන් නිදහස් වෙන්න ලැබෙන ණය ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුව සියලු ක්‍රියාමාර්ග ගන්නේ පොදු ජනතාව පීඩාවට පත් කිරීමට බවද ඔහු ප්‍රකාශ කළේය. මානව හිමිකම් කඩකරමින් කටයුතු කරන ආණ්ඩුව මැතිවරණයක් නොතබන්නේ ජනතා ඡන්දය නොලැබෙන නිසා බවද ජවිපෙ ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය

Comments