සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT-MOBITEL වෙතින් නව රක්ෂණ ආවරණයක් | සිළුමිණ

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT-MOBITEL වෙතින් නව රක්ෂණ ආවරණයක්

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT-MOBITEL විසින් SLT-MOBITEL පාරිභෝගිකයන්ට නව රක්ෂණ ආවරණයක් හඳුන්වා දෙනු ලැබිණ. ඒ අනුව, ‘Ceylinco SLT-Mobitel Ananthaya’, SLT-MOBITEL පාරිභෝගිකයන්ට බරපතළ රෝගාබාධයකට රුපියල් 500,000 දක්වා රක්ෂණයක් සහ රුපියල් 1,000,000 දක්වා පුද්ගලික අනතුරු රක්ෂණයක් හිමි වේ.

SLT-MOBITEL ස්ථාවර සහ ජංගම දුරකථන භාවිත කරන්නන්ට වාර්ෂිකව මෙම ප්‍රතිලාභ හිමිවන අතර, ඔවුන්ගේ මාසික බිල්පත් වටිනාකමින් පස් ගුණයකට සමාන රක්ෂණ ආවරණයක්

පිරිනැමේ.

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි සභාපති අජිත් ගුණවර්ධන මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් හි රක්ෂණ විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ඉහළ වටිනාකමකින් යුත් මෙම රක්ෂණ ආවරණය පිරිනමන බවයි. SLT-MOBITEL පාරිභෝගිකයන් වෙත පිරිනැමෙන මෙම සුවිශේෂී ප්‍රතිලාභය පිළිබඳ අදහස් දක්වමින් SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු පැවසුවේ, තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් සහ විසඳුම් ලබා දීමට මෙවැනි අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙන බවයි.

Comments