ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මෙවරත් හරසරින් | සිළුමිණ

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මෙවරත් හරසරින්

2023 කාන්තා දින ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 8 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වෙන අතර, "ඇය දැයේ අභිමානයයි" යන තේමාව යටතේ එය සංවිධානය කරන්නේ කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයයි.

ජාතික උත්සවයට විශේෂ අංග කිහිපයක් ඇතුළත් අතර, ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ අභිමානය හා ප්‍රෞඪත්වය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රටට කීර්තිය අත්කර දුන් සුවිශේෂි කාන්තාවන් තිදෙනකු ඇගයීමට ලක් කෙරේ. කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ දායකත්වයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් තෝරා ගත් හොඳම ව්‍යවසායික කාන්තාවන් 25දෙනකුට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවේ.

Comments