විදෙස් ශ්‍රමිකයන්ගේ තොරතුරු පද්ධතියකට | සිළුමිණ

විදෙස් ශ්‍රමිකයන්ගේ තොරතුරු පද්ධතියකට

විදෙස්ගත වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගෙන් හා මිනිස් වෙළෙඳාම්වලින් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) දත්ත පද්ධතියකට ඇතුළත් කිරීමට කටයුතු යොදමින් පවතී.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාරගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා රැකියා සඳහා විදෙස්ගත වන සියලු ශ්‍රි ලාංකිකයන්ගේ තොරතුරු දත්ත පද්ධතියට ගොනු වන්නේ ඩිජිටල්කරණ ක්‍රියාවලියක් හරහාය. ඒ අනුව ඇස්, ඇඟිලි සලකුණු හා වෙනත් ශාරීරික ලක්ෂණ ඊට ඇතුළත් කිරීමට නියමිතය.

මීට අමතරව මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා පවතින නීති දැඩි කිරීමට ඇමැතිවරයාගේ උපදෙස් පරිදි විදෙස් සේවා නියුක්ති කාර්යාංශ පනතට නව සංශෝධන ද ඇතුළත් කිරීමටද නියමිතය. විදේශ රැකියා දෙන බව පවසා විවිධ රටවලට ගෙන්වා ගැනීම්, මෙරට දී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියෙන් පරිබාහිර කිසිවකුටත් සිදු කළ නොහැකි අතර එය කළ හැක්කේ ලියාපදිංචි නියෝජිතායතනවලට පමණි.

Comments