ගවරාගේ පැවැත්ම පිළිබිඹු කරන සිතුවමක් | සිළුමිණ

ගවරාගේ පැවැත්ම පිළිබිඹු කරන සිතුවමක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ සඳහන් වන පරිදි වනාන්තරවල විසූ, දැනට මෙරටින් වඳවී ඇති ගවරා ගේ පැවැත්ම පිළිබඳව දැනුවත් කිරීමේ පියවරක් වශයෙන්, සමනල කඳු ප්‍රදේශය පසුබිම් කරගත් සිතුවමක් පාත්ෆයින්ඩර් ඓතිහාසික කෘති එකතුව සඳහා නිර්මාණය කර ඇත.

දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වන දිලායි ජෝෂප් රොද්‍රිගෝ සිතුවම් කරන ලද මෙම චිත්‍රය පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ වෙත පිරිනමන ලද අවස්ථාව මෙහි දැක්වේ.

ලොව විශාලතම වනාන්තර ගව විශේෂයක් සේ ගැනෙන ගවරා දහ හත්වන සියවසේ දී ශ්‍රී ලංකාවේ සිටි බවට සාක්ෂි ජනප්‍රවාදවල සහ ස්ථාන නාම වල ද සඳහන්ය. නොදන්නා හේතූන් මත, ලංකාවෙන් වඳවී ගොස් ඇති නමුත්, ඉන්දියාවේ වනාන්තරවල දැනටත් වෙසෙන ගවරා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පවතින ස්වාභාවික උරුමය, විමර්ශනය හා සංරක්ෂණය කිරීමේ අරමුණ ඇතිව ඉදිරි පියවර ගැනීමට යෝජනා වී තිබේ.

Comments