උසස් පෙළ ඇගැයුම ඉල්ලුම් කිරීමේ කාලය දිගුවේ | සිළුමිණ

උසස් පෙළ ඇගැයුම ඉල්ලුම් කිරීමේ කාලය දිගුවේ

අ.පො.ස උසස් පෙළ 2022 ( 2023 ) පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 1 වැනි දින සිට මාර්තු මස 8 වැනි දින දක්වා නැවත විවෘත කර ඇත.

උසස් පෙළ ඇගැයීම් කටයුතු ඉක්මනින් අවසන් කිරීම සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ කර ඇති ගුරුවරු www.doenets.lk ඔස්සේ අයැදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. මේ සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන්ට ගෙවන දෛනික දීමනාව ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව රුපියල් 2000 ක අවම දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලැබී ඇත.

Comments