වී මිළට ගැනිම සහල් නිෂ්පාදනය හා අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කෙරේ | සිළුමිණ

වී මිළට ගැනිම සහල් නිෂ්පාදනය හා අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කෙරේ

වී මිල දී ගැනීම සහල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි
 
වී කිලෝවක් සදහා ගොවියාට ගෙවන ලද මුදලට අතිරේක සහල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සහල් කිලෝ ග්‍රෑමයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට ජලය,  විදුලිය,  ගබඩා,  ප්‍රවාහන යන ආදී අතිරේක පිරිවැයට අමතරව රුපියල් 6ත් / 7ත් අතර මුදලක් සමාජ ආරක්ෂණ බදු ලෙස දරන්නට සිදුවන බැවින් ඒ පිළිබද සලකා වී මිල දී ගැනීම,  සහල් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි
 
මේ අනුව වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙයි.
 

Comments