
ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඉකුත් (19) දින ප්‍රපාතයට පෙරලුණු නෝටන්බ්‍රිජ් දියගල ප්‍රධාන මාර්ගයේ හුලං වංගුව ප්‍රදේශයේ අධික බෑවුම පෙනෙන සේ මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය මගින් ලී දඩු යොදාගෙන තාවකාලික ආරක්ෂිත වැටක් ඊයේ (27) ඉදිකර ඇත
ඉකුත් (19) දින නල්ලතන්නිය සිට මහරගම දක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගෙන ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එම ස්ථානයේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 26 දෙනෙකුට බරපතල තුවාල සිදු විය
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගත් බස් රථ සහ සෙසු වාහන නල්ලතන්නියට පිවිසීමට ඇති කෙටි මාර්ගයක් වශයෙන් නෝටන්බ්‍රිජ් දියගල ප්‍රධාන මාර්ගය භාවිතා කරනු ලබයි
එම මාර්ගය කිලෝමීටර් 8 කින් සමන්විත වන අතර , එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2020 වසරේ ආරම්භ කර එහි සංවර්ධන කටයුතු තාවකාලිකව මේ වන විට නතර කර ඇති නිසා එම මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල වලවල් හැරී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් මෙවැනි තවත් අනතුරු සිදු වීමේ දැඩි අවධානමක් පවතින නිසා එම මාර්ගය කඩනමින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙයි ස ප්රදේශවාසීන්ඉල්ලා සිටියි
ඉදිරි දින කිහිපය තුළ නෝටර්බ්රිජ් පොලිසියේ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මාර්ගය දෙපස තෘණ කපා ඉවත් කීරීමට සැලසුම් කර ඇති බව නෝටර්බ්රිජ් පොලිස් ස්ථානාධිපතිතුමා පවසයි