තියුණු ආයුධ වලින් පහර දී තිදෙනෙක් ඝාතනය කෙරේ | සිළුමිණ

තියුණු ආයුධ වලින් පහර දී තිදෙනෙක් ඝාතනය කෙරේ

අම්බලන්ගොඩ, දිවුලපිටිය හා රත්ගම ප්‍රදේශවලදී තියුණු ආයුධ වලින් පහර දී සිදු කළ පුද්ගල ඝාතන 3ක් වාර්තා වන බව පොලිසිය පවසයි.
 
ඒ අනුව අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී විසි දෙහැවිරිදි තරුණයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසයි.
 
මිය ගිය තරුණයාගේ නිවස ආසන්න මාර්ගයේදී පුද්ගලයින් කිහිප දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදුකර ඇති අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුව ඇති බවයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙයි.
 
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
 
මේ අතර දිවුලපිටිය පොලිස් වසමේ මරදගහමුල හන්දිය ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයක ගමන්මග හරස්කර එහි රියදුරුට හා තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙයි
 
තුවාලකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කරයි
 
මෙලෙස මියගිය පුද්ගලයා වටිනාපහ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
 
මේ අතර රත්ගම ඕවර්කන්ද ප්‍රදේශයේදී මවක සහ දියණියකට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඉන් 20 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්වු අතර මව රෝහල්ගතකර ඇති බව පොලිසියි පවසයි.

Comments