නමේ මුල් අකුරෙන් කියැවෙන ඔබේ චරිතය | Page 2 | සිළුමිණ

නමේ මුල් අකුරෙන් කියැවෙන ඔබේ චරිතය

 

ඒ. ජේ. දීපාලෝක

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී,

පාඨශාලාචාර්ය

ඉසිවර සහන

ජ්‍යෝතිෂ්‍ය සේවය

 

ඔබේ නම පටන් ගන්නේ ඉංග්‍රීසි හෝඩියේ B අකුරෙන් නම් ඔබ තුළ මෙවැනි ගති ලක්ෂණ බොහෝවිට පිහිටයි.

 

තරමක් අධි සංවේදී මනසක් ඇති ඔබට බොහෝ දේවල් අන් අයට වඩා ඉක්මනින් දැනෙන ස්වභාවයක් පවතී. දැඩි සංවේදී බව ඔබේ දුර්වලතාවක් ලෙස ද පෙන්වා දිය හැකිය. යහපත් මිතුරු සබඳතා පවත්වා ගැනීමට දක්ෂ වෙයි. එහෙත් ඕනෑවට වඩා මිනිසුන් විශ්වාස කිරීමට යෑමෙන් යම් ආකාරයක ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම උචිතය.

අන් අයගේ අදහස්වලට ඔබ හොඳින් සවන් දෙයි. තමන්ට ලැබෙන්නා වූ යහපත් අවවාද උපදෙස් අනුව කටයුතු කිරීමට ද පෙලඹෙන ගතියක් පවතී. එමෙන්ම අන් අයගේ අවධානය, ආදරය සහ ගෞරවය බොහෝ විට වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන ස්වභාවයක් පවතී. වැඩි දුර දිග නොබලා සබඳතා ගොඩනගා ගනියි. ප්‍රේම සබඳතා ඇති කර ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු වන්නේ නොගැළපෙන අයගේ ඇසුරට පත් විය හැකි බැවිනි.

ඉතා යහපත් ගුණාංග සහිත පුද්ගලයන් වන අතර, ධනාත්මක සිතිවිලිවලින් සුබවාදීව කටයුතු කරයි. මොවුන්ගෙන් කිසිවකුටත් කරදරයක් නැත. ස්වාධීනව කටයුතු කරයි. කලහකාරී බවට කැමැති නැති අතර, නිදහස් පරිසරයක සතුටින් ජීවත් වීම මූලික අපේක්ෂාවයි. අන් අයගේ මතවාද, තර්ක විතර්ක හමුවේ ඉතා සංයමයෙන් කටයුතු කරන අතර, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනී. නිහතමානි බව සහ විශ්වාසනීය බව B අකුරෙන් නම පටන් ගන්නා ඔබ තුළ ඇති ප්‍රධාන ගුණාංග වේ.

C අකුරෙන් නම පටන් ගන්නා අයගේ පලාපල ලබන කලාපයෙන්.

 

Comments