ධනයෙන් අඩුවක් නැති වෙන්න මුදල් තැබිය යුතු ගෙදර හොඳම තැන | සිළුමිණ

ධනයෙන් අඩුවක් නැති වෙන්න මුදල් තැබිය යුතු ගෙදර හොඳම තැන

 

ජනක ප්‍රියන්ත දයාරත්න, සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

 

වාස්තු ශාස්ත්‍රයේදී මුදල් තැබිය යුතු ස්ථානය දක්වා ඇත්තේ භාණ්ඩාගාරය යන නාමය අනුව යමිනි.

එසේ වුවත් එයින් අදහස් වන්නේ අද අප විසින් විමසා බලන මුදල් තැබීම සඳහා උචිත ස්ථානය යන්නයි.

මේ සඳහා සාම්ප්‍රදායිකව දක්වා ඇති ස්ථානය වන්නේ උතුරු දිශාවයි.

මෙසේ උතුරු දිශාව භාණ්ඩාගාරය ලෙස යොදා ගැනීම අප ප්‍රතික්ෂේප නොකළද එයට වඩාත් උචිත, තර්කානුකූල ස්ථානයක් ඇත්දැයි විමසීම සිදු නොකොට ගතානුගතිකව ක්‍රියා කිරීම යහපත් නොවේ.

 

මේ අනුව අප විසින් සැලකිය යුතු කරුණ වන්නේ මිල මුදල්වලට වැටෙන යම් ශක්තියක් හේතුකොට ඒවා බලවත් වීමක් වැනි විහිළු කියවීමක් අද සමාජයට ගළපන්නට යෑම උචිත නොවන බවයි. එසේ යම් ද්‍රව්‍යයක පවත්නා ස්වභාවික ඕරාව හෙවත් ශක්ති ශරීරය බලවත් වීමේද යම් අයුරකින් වැදගත් විය හැකි වෙතත් එයට වඩා සහේතුක වූ පැහැදිලි කිරීමක් අප විසින් යොදා ගත යුතුව ඇත. මේ සඳහා අන්තරීක්ෂ, භූ හා චුම්බක යන ශක්තීන් සමඟ ඇති බලපෑම්හි ස්වභාවය වටහා ගත යුතුව තිබේ.

ඊසානයෙන් (සාපේක්ෂව) ගලා එනු ලබන ශක්තිය මැනැවින් තැන්පත් වී ඇති ස්ථානයක ජීවත් වන්නන්ගේ ශක්ති ශරීරය බලවත් වීමේ ස්වභාවයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි ස්ථානයක් ආශ්‍රිතව මූල්‍යමය තීන්දු ගැනීම බුද්ධිමත් මූල්‍යමය කළමනාකරණයකට හේතු වේ. එබැවින් ඊට නුදුරින් මුදල් තැබීම ප්‍රායෝගික හේතුව ලෙස සැලකීම හේතු යුක්තයි.

මේ අනුව නිරිත දිශාව අන්තරීක්ෂ, භූ ආදී ස්වභාවික ශක්තීන්ගේ පොහොසත්ම ස්ථානයයි. එසේ නම් මුදල් පරිහරණයට උචිතම ස්ථානයයි. එබැවින් නිරිත හෝ නිරිත ආශ්‍රිතව මුදල් තැබීම ශක්තිමය වශයෙන් අතිශය ඵලදායී බව අපගේ අදහසයි.

---------------------------

කාලසර්ප යෝගයට බය විය යුතුද?

කාලසර්ප යෝගයක් ඇත්දැයි හරියටම හඳුනා ගන්නා හැටි

ප්‍රවීණ ‍ෙජ්‍යා්තිර්වේදී

පාරින්ද සුගතදාස

බොහෝ දෙනෙකු භීතියට පත්වන 'කාලසර්ප යෝගය' නිර්මාණය වන්නේ කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක කේතු සහ රාහු යා කරන අක්ෂයෙන් එක් පසෙක පමණක් ග්‍රහයන් පිහිටීමෙනි. රාහු සහ කේතු අක්ෂය වැටී ඇති භාව අනුව ද, ග්‍රහයන්ගේ පිහිටීම් ආරම්භ වන්නේ රාහුගෙන් ද එසේ නැත්නම් කේතුගෙන් ද අනුව ද සලකා බලා ඇතැම් කේන්ද්‍ර සටහන්වල බැලූ බැල්මට කාලසර්ප යෝග ලෙස නිරීක්ෂණය වන ඇතැම් යෝග සැබවින්ම 'කාලසර්ප යෝග' නොවන බව ඇතැමකුගේ අදහසයි.

තවද රාහු සහ කේතු සමඟ එකම රාශියක තවත් ග්‍රහයන් තැන්පත්ව ඇත් නම් ද එම ග්‍රහයන්ගෙන් අඩු වශයෙන් එක් ග්‍රහයකුවත් රාහු කේතු අක්ෂයෙන් පිටත ග්‍රහයන් තැන්පත් නොවී ඇති අංශයෙහි අංශක වශයෙන් තැන්පත්ව ඇත්නම් ද අර්ධ කාලසර්ප යෝගයක් යෙදේ. කෙසේ වෙතත් අපගේ අත්දැකීම්වලට අනුව ඉහත පිහිටීම්වලින් කුමන පිහිටීම් තිබුණත් 'කාලසර්ප යෝගය' යෝගයේ ප්‍රතිඵල අඩු වැඩි වශයෙන් ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඉහත ආකාරයට 'කාලසර්ප යෝගය'ට යෝගය පවතින ප්‍රසිද්ධ කේන්ද්‍ර සටහන් කිහිපයක් සලකා බලමින් කාල සර්ප යෝගයේ ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ ජනකාන්ත රංගන ශීල්පියකුව සිටි විජය කුමාරතුංගගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනේ 'කාලසර්ප යෝගය'ක් ඇත. ඔහුට තම ජීවිතයේ උච්චතම අරමුණු සපුරා ගැනීමට පෙර ඝාතනය වීමට සිදු වූයේද, වරෙක සිරගත වීමට සිදු වූයේද, මෙම 'කාලසර්ප යෝගය' යෝගය නිසා විය හැකිය. අමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහන තුළද 'කාලසර්ප යෝගය' යෝගයක් ඇත.

මැතිවරණ ගණනාවකින් පරාජයට පත් වුවද පසුව අමරිකාවේ රාජ්‍ය නායකත්වයට පත් වීමට භාග්‍යය උදා වුවද ඔහුගේ කේන්ද්‍ර සටහනේ පැවති 'කාලසර්ප යෝගය'යෝගය නිසාදෝ නොසිතූ මොහොතක හදිසියේ ඝාතනයට ලක් වීමට සිදු විය. මෙරට හිටපු රාජ්‍ය නායකයකු වූ එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායකගේ උත්පත්ති කේන්ද්‍ර සටහන තුළද 'කාලසර්ප යෝගය'ක් නිරීක්ෂණය කළ හැකිය. උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ පැවති මෙම 'කාලසර්ප යෝගය' නිසාදෝ රාජ්‍ය නායකත්වයේ සිටියදීම ඝාතනය වන්නට ඔහුට සිදු විය. එමෙන්ම මෙරට සිටි කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ‌ෙජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනෙහි ද කාලසර්ප යෝගයක් ඇත. එහි ප්‍රතිඵලයක් නිසාදෝ රටට සේවය කිරීමට බොහෝ කලක් ඉතිරිව තිබියදී ඝාතනය වී දැයෙන් සමු ගැනීමට ඔහුට සිදු විය. 2009 වසරෙහි විජයග්‍රාහි යුද්ධය නිම කිරීම සඳහා හමුදා නායකත්වය ලබා දුන් යුධ සෙන්පතියාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනෙහි ද 'කාලසර්ප යෝගය'ක් ඇත. දේශපාලනයට සම්බන්ධ වීම නිසා සිරගත වීමට සිදු වූයේද ඒ නිසා විය හැකිය.

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනියක වූ රුක්මණී දේවියගේ උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ ද 'කාලසර්ප යෝගය'ක් ඇත. කලාකාරියක, ගායිකාවක ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්වී සිටියද හදිසි අනතුරකින් ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූයේ එම 'කාලසර්ප යෝගය' නිසා විය හැකිය.

දකුණු අප්‍රිකාවේ ඉමහත් කීර්තියට පත් රාජ්‍ය නායකයකු වු නෙල්සන් මැන්ඩෙලාගේ උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ ද කාලසර්ප යෝගයක් ඇත. පසුව නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබුවද මුල් කාලයේදී බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන්නට ඇත්තේද බොහෝ කලක් සිරබත් කෑමට සිදු වූයේද එකී 'කාලසර්ප යෝගය' නිසා විය හැකිය.

උතුවන්කන්දේ වීර සරදියෙල් ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව 'කාලසර්ප යෝගය' යෝගයක් පැවති නිසාදෝ ඔහු හදිසියේ ඝාතනයට ලක් වූ අතර, ගජමන් නෝනාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව කාලසර්ප යෝගයක් පැවති නිසාදෝ ඇයට යුග දිවි ගැටලු සහ වෙනත් ගැටලු හමුවේ අසරණව මිය යන්නට සිදු වන්නට ඇත.

අප විසින් ඉදිරිපත් කරන ලද්දේ කාලසර්ප යෝග පවතින ප්‍රසිද්ධ කේන්ද්‍ර සටහන්වලින් කිහිපයක් පමණි. කාලසර්ප යෝගයක් පවතිද්දී ඉහත අසුබ ප්‍රතිඵල කිසිවකට මුහුණ දීමට සිදු නොවූ කේන්ද්‍ර හිමියෝ ද සිටින බව අවධාරණය කළ යුතුය.

--------------------

බිලිඳු නමට අකුරු

පෙබරවාරි 05 සිට පෙබරවාරි 11 දක්වා

 

•පෙබරවාරි 05 ඉරිදා

පෙබරවාරි 05 ඉරිදා 12.12 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො,ඩ

 

•පෙබරවාරි 06 සඳුදා

පෙබරවාරි 05 ඉරිදා 12.12 සිට පෙබරවාරි 06 සඳුදා 15.03 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ, ඩො

 

•පෙබරවාරි 07 අඟහරුවාදා

පෙබරවාරි 06 සඳුදා 15.03 සිට පෙබරවාරි 07 අඟහරුවාදා 17.44 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු ම,මි,මු,මෙ

•පෙබරවාරි 08 බදාදා

පෙබරවාරි 07 අඟහරුවාදා 17. 44 සිට පෙබරවාරි 08 බදාදා 20.14 තෙක් පුවපල් නැකැතයි.

සුදුසු අකුරු මො,ට,ටි,ටු

•පෙබරවාරි 09 බ්‍රහස්පතින්දා

පෙබරවාරි 08 බදාදා 20.14 සිට

පෙබරවාරි 09 බ්‍රහස්පතින්දා 22.26 තෙක් උත්‍රපල් නැකැතයි.

සුදුසු අකුරු ටෙ,ටො,ප,පි

•පෙබරවාරි 10 සිකුරාදා

පෙබරවාරි 09 බ්‍රහස්පතින්දා 22. 26 සිට

•පෙබරවාරි 10 සිකුරාදා මුළු දවස පුරාම හත නැකැතයි. සුදුසු අකුර පු

 

•පෙබරවාරි 11 සෙනසුරාදා

පෙබරවාරි 10 සිකුරාදා මුළු දවස පුරාම පවතින හත නැකැත පෙබරවාරි 11 සෙනසුරාදා 00.17 තෙක් පවතී. සුදුසු අකුර පු . ඉන්පසු ඉරිදා 01. 39 තෙක් සිත නැකැත පවතී. සුදුසු අකුරු පෙ,පො,ර,රි

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

-----------------------

සතියේ වගා නැකැත්

පෙබරවාරි 06 සිට පෙබරවාරි 12 දක්වා

 

•ඇට තවාන් දැමීමට

පෙබරවාරි 07 අඟහරුවාදා 06.52 - 07.04 දක්වා - නැඟෙනහිර බලා

 

•පණු රෝග සෑදෙන හෙයින් පැළ සිටුවීමට අසුබ දින හා වේලාවන්

පෙබරවාරි 11 දා 13.01 සිට

පෙබරවාරි 13 දා 20.43 දක්වා

 

•මල් වර්ග සිටුවීමට

පෙබරවාරි 09 බ්‍රහස්පතින්දා 06.24 සිට 10.29 දක්වා

-------------------

රාහු කාලය

පෙබරවාරි 6 සඳුදා සිට 12 ඉරිදා දක්වා

•6 සඳුදා උදෑසන 07.57 සිට 09.27 දක්වා

රාත්‍රී 19.51 සිට 21.22 දක්වා

 

•7 අඟහරුවාදා දහවල් 15.22 සිට 16.51 දක්වා

රාත්‍රී 03.26 සිට අලුයම 04.58 දක්වා

 

•8 බදාදා දහවල් 12.25 සිට 13.54 දක්වා

රාත්‍රී 00.25 සිට අලුයම 01.56 දක්වා

 

• 9 බ්‍රහස්පතින්දා දහවල් 13.54 සිට 15.23 දක්වා

රාත්‍රී 01.56 සිට අලුයම 03.27 දක්වා

 

•10 සිකුරාදා උදෑසන 10.56 සිට දහවල් 12.25 දක්වා

රාත්‍රී 22.53 සිට අලුයම 00.25 දක්වා

 

•11 සෙනසුරාදා උදෑසන 09.26 සිට10.55 දක්වා

රාත්‍රී 21.22 සිට 22.54 දක්වා

 

•12 ඉරිදා දහවල් 16.51 සිට 18.21 දක්වා

අලුයම 04.57 සිට උදෑසන 06.28 දක්වා

 

Comments