
ඉරාන ඉස්ලාමීය විප්ලවයේ 44 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කෙරෙන ඉරාන චිත්‍රපට උලෙළ 2023 පෙබරවා 06 වැනිදා කොළඹදී ආරම්භ වේ.
මෙවර සිනමා උලෙළේ දී විශිෂ්ට ගණයේ ඉරාන සිනමා කෘති 05 ක් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික සිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී තිරගත කෙරේ.
සිනමා දැක්ම 2023 පෙබරවා 06 වැනිදා සිට 10 වැනිදා දක්වා සෑම දිනකම පැවැත්වෙන අතර, පස්වරු 5 සිට පස්වරු 7 දක්වා දර්ශන වාර පැවැත්වේ.
ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට අයට අයත් ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය හා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මෙම උලෙළ සංවිධානය කරනු ලබයි. මෙම සිනමා උලෙළේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහකයා වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.
ඒ අනුව එළැඹෙන 06 වැනිදා Memory of the teacher තිරගත වන අතර, 7 වැනිදා තිරගත වන්නේ Mangrove චිත්‍රපටයයි. 8 වැනිදා Story of My Father’s Bike and Me චිත්‍රපටය තිරගත කෙරෙන අතර, 9 වැනිදා Loneliness සිනමා පටය තිරගත කෙරේ. මෙහි අවසාන සිනමාපටය ලෙස A name චිත්‍රපටය 10 වැනිදා තිරගත කෙරේ.
පර්සියානු සිනමාව ලෙස ලොව පුරා ජනාදරයට පත්ව ඇති ඉරාන සිනමාව ලෙස ලොව උසස් ගණයේ සිනමා නිර්මාණ බිහි කරන කර්මාන්තයක් ලෙස මහත් ගෞරවාදරයට පාත්‍රව තිබේ. ලොව ප්‍රකට සිනමා උලෙළවල් ලෙස සැලකෙන කෑන්ස් සිනමා උලෙළ, ඔස්කා සම්මාන උලෙළ, බර්ලීන් සිනමා සම්මාන උලෙළ වැනි උලෙළවල්වලදී ඉරාන සිනමා කෘති රැසක් ඇගයීමට පාත්‍රව තිබේ.
මෙම සිනමා උෙලළේ සමාරම්භක උත්සවය පෙබාරවාරි 06 වැනිදා ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, කිසිදු අයකිරීමකින් තොරව මහජනතාවට මෙම සිනමා උලෙළ නැරඹීමට සියලු පහසුකම් සපයා ඇත.
එසේම චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කෙරෙන සිනමා චතුර් මාසික සඟරාවේ නව කලාපය ද ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ලබා ගත හැකිය.