යූනියන් බැංකුවේ දීර්ඝකාලීන සාමාජික සාමාජිකාවන් ඇගයුමට | සිළුමිණ

යූනියන් බැංකුවේ දීර්ඝකාලීන සාමාජික සාමාජිකාවන් ඇගයුමට

යූනියන් බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමේ විශේෂ උත්සවයක් යූනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැත්විණ. යුනියන් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 8 දෙනකුට එහිදි සම්මාන සහ සමරු තිළිණ පිරිනැමිණ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇගයුමට ලක්වූ (වමේ සිට) නිල්මිණි වීරසේකර(ආයතනික බැංකුකරණ අංශය),ධනුෂ්ක සේතුහේවා(අවදානම් කළමනාකරණ අංශය), මිනෝලි ප්‍රනාන්දු(මූල්‍ය අංශය), චරිතා ද සිල්වා(නීති අංශය),රමිදුනි වෙල්ලාලගේ(අත්තිඩිය ශාඛාව),ඕෂධී ගුණසේකර(අභ්‍යන්තර විගණන අංශය), වින්ද්‍යා ගුණසේකර(මොරටුව ශාඛාව), සහ ශන්මුගේස්වරන් ජෙස්ධරාජන්(කොටහේන ශාඛාව)යන අයයි.

Comments