2022දී අල්ලස් පැමිණිලි 2512ක් | Page 2 | සිළුමිණ

2022දී අල්ලස් පැමිණිලි 2512ක්

සුගිය 2022 වසර තුළ අල්ලස් පැමිණිලි 2512ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. එයින් පැමිණිලි 2399ක් කොමිසමට ලැබුණු පැමිණිලි බවත් 69ක් කොමිසම විසින් කරන ලද වැටලීම් බවත් කොමිසම පවසයි. කොමිසම වෙත ලැබුණු පැමිණිලි 921ක් විමර්ශනයට යොමු කළ බවත් පැමිණිලි 440ක් කොමිසම් සභා පනතට අයත් නොවන නිසා අදාළ අනෙක් ආයතන වෙත යොමු කළ බවද කොමිසම පෙන්වා දෙයි. එමෙන්ම චෝදනා 96ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයිද වැඩිදුර විමර්ශනයට හා නීති උපදෙස් ලබා ගැනීමට පැමිණිලි 911ක් යොමු කළ බවද කොමිසම පවසයි. පසුගිය වසරේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පොලිසිය සම්බන්ධයෙන් වන අතර එහි දෙවෙනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවත් කොමිෂන් සභාව පෙන්වා දෙයි. පසුගිය වසර නිමවන විට අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් නඩු 254ක් අධිකරණයේ විභාග වෙමින් පැවතුණි.

Comments