
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය විසින් ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ට සේවය අගයමින් ශ්‍රී ලාංකික පුරවැසියකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමානී ගෞරව සම්මානය ඔහු වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පෙබරවාරි 3 වනදා ජනාධිපති මන්දිරයේදී පිරිනමන ලදී. 75 වන ජාතික නිදහස් සමරුව නිමිත්තන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම ගෞරව නාමය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් 5 දෙනකුට පමණක් වන අතර එම සම්මානය ලබා සිටින
5 දෙනෙක් ජීවතුන් අතර සිටී නම් එම සම්මානය වෙනත් අයකුට ලබා දිය නොහැකිය.