
සියවන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක්
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමඟ එක්ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පියනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය නිදහස් දින පණිවිඩයෙන් පවසා සිටී.
එම පණිවුඩයේ මෙසේද දැක්වේ.
‘75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.
පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ ය. එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රායයි.
ඒ සඳහා වූ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇත.
2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන මෙම නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම මගේ රජයේ මූලික අරමුණයි. 100 වන නිදහස් සැමරුම් දිනයේදී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු, ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කරගත්, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇතැයි මම විශ්වාස කරමි.
අභියෝග ජය ගැනීමට එක්සත්ව මුහුණ දෙමු
- අගමැති දිනේෂ් ගුණවර්ධන
නිදහස් ජාතියක් ලෙස අප විශාල ප්‍රගතියක් අත්කරගෙන, සැබෑ තරුණ බලවේගයක් ගොඩනඟා, ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවක් ලබා දීමට කටයුතු කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධනයන් සිය නිදහස් දින පණිවිඩයෙන් කියා සිටී.
අගමැතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ. විදේශ ආධිපත්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවේ පිබිදීම ආරම්භ වූයේ 1815 මාර්තු 2 වන දින යටත් වීමේ ගිවිසුම අත්සන් කිරීමට පැය කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය ධජය ඔසවන ලද අවස්ථාවේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් විසින් එය යළි පහත හෙළීමත් සමඟ ය.
රට වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව ජීවිත කැප කිරීමෙන් සටන් වැදී වීරවරයන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී අපගේ මුතුන් මිත්තන් දැක්වූ ශූරත්වය, එඩිතරකම මෙන්ම ඔවුන් අත්දුටු ගැහැට, දුක් පීඩා ආදිය පිළිබඳ අපගේ මතකයන් ආවර්ජනය කිරීමත් අද දින අප විසින් සිදුකළ යුතුය.
සැබෑ නිදහස වෙනුවෙන් එක් වෙමු
-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
සැබෑ නිදහස අත්කර ගැනීම සඳහා සියල්ලන්ම සම අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස එකමුතු විය යුතු බවත් විවිධත්වය තුළ ඒකීයත්වය මෙන්ම සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා හා ආත්ම ගරුත්වය රැකීමේ පිළිවෙතක් වෙතට අප ගමන් කළ යුතු බවත් නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටී. ඔහුගේ නිවේදනයේ මෙසේද දැක්වේ.
ශතවර්ෂ තුනකටත් වඩා එහා ගිය යටත් විජිත යුග තුනක් ගෙවා එක්දාස් නවසිය හතළිස් අටේ පෙබරවාරි හතරවැනි දින නිදහස ලද අප මාතෘභූමිය දැන් මේ ගත කරනු ලබන්නේ අදින් ආරම්භ වන හැත්තෑපස් වන වසරය. නිදහස ලබා ගැනීම උදෙසා ආ ගමන් මඟ ලේ කඳුළු දහඩිය මතින් ආ ගමනක් වන අතර, ඒ නිදහස ලබා ගැනීම උදෙසා වූ විවිධාකාර අරගලවලදී ජීවිතය කැප කළ විරුවන් මේ මොහොතේ මහත් වූ අභිමානයෙන් සහ ගෞරවාදරයෙන් සිහිපත් කළ යුතුය. ඔවුන්ගේ ප්‍රාණ වායුව මේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ අනභිභවනීය සටහනක් බව ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි.
විශේෂයෙන්ම මෑතකදී ශ්‍රී ලංකාව අත්පත් කොටගෙන තිබෙන ආර්ථික අවපාතය මෙරට ඉතිහාසය තුළ අතිශයින්ම කනගාටුදායක සහ බරපතළ තත්ත්වයක් වන අතර, විධිමත් ඉදිරිගාමී වැඩපිළිවෙළක් හැරුණුකොට එයින් ගොඩ ආ හැකි මඟක් සොයාගැනීම දුෂ්කරය.