
කොළඹ 2 ගංගාරාම විහාරස්ථානය විසින් පවත්වනු ලබන ‘නවම් මහ පෙරහර‘ මෙවරද පෙබරවාරි 5 සහ 6 දෙදින චාරිත්‍රානුකූලව පැවැත්වේ. සංස්කෘතිකාංග රැසකින් සමන්විත පෙරහර උද්‍යාන පාර, ජිනරතන පාර, හුනුපිටිය වැව පාර, රාමනායක මාවත ජේම්ස් පීරිස් මාවත, ඕල්ටෙයාර් පටුමග, ස්ටෙපල් වීදිය ඔස්සේ මුත්තයියා පාර දක්වා පැමිණ යළිත් ජේම්ස් පීරිස් මාවත, ජිනරතන පාර ඔස්සේ විහාරස්ථානයට පැමිණේ.