ජනවාරි වියදම් ආදායමට වඩා දෙගුණයකින් වැඩියි | සිළුමිණ

ජනවාරි වියදම් ආදායමට වඩා දෙගුණයකින් වැඩියි

පසුගිය ජනවාරි මාසයේ රජයේ ආදායමට වඩා වියදම දෙගුණයකටත් වැඩි හෙයින් රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ අවස්ථාවේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බවද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.

ජනවාරි මාසයේදී රජයට රුපියල් බිලියන 158.7ක ආදායමක් හිමි වුවද, වියදම වශයෙන් බිලියන 367.8ක් සිදු කර තිබේ.

බදු සංශෝධන මඟින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මෙහිදී පුමුඛතාව අනුව මහා භාණ්ඩාගාරය විසින් මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර, එය කඩ කරන ඕනෑම නිලධාරියකු එම වියදම් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 ජනවාරි මාසයේදී රජයට රුපියල් බිලියන 158.7ක ආදායමක් හිමි වුවද, වියදම වශයෙන් බිලියන 367.8ක් සිදු කර තිබේ. බදු සංශෝධන මඟින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මෙහිදී පුමුඛතාව අනුව මහා භාණ්ඩාගාරය විසින් මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර, එය කඩ කරන ඕනෑම නිලධාරියකු එම වියදම් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Comments