පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම කෙරේ | සිළුමිණ

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම කෙරේ

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
 
ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
 
තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 15 වැනිදා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
 
මේ අතර, නිල ඡන්ද දැන්වීම් කාඩ්පත් තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කෙරේ. 
 
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කළේ ය.

Comments