ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි | සිළුමිණ

ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ හිටපු අගදරගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. 
 
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(03) අලුයම ස්වර්ගස්ථ වනවිට වයස අවුරුදු 90 කි.
 
උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයෙක් ලෙසද කටයුතු කළේය. 
 
මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔස්ලවල්ඩ් ගෝමිස් හිමිපාණන්, සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක නිරත විය.
 
අති උතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් 1932 දෙසැම්බර් 12 වැනිදා කැලණියේදී උපත ලැබීය. 
 
ඔහු කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර යුද සමයේදී වරාගොඩ ශාන්ත පාවුළු පාසලට (ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශාඛාව) මාරු විය.  ඉන්පසු සාන්ත ජෝසප් විද්‍යාලයේ ද්වීතීය අධ්‍යාපනය දිගටම කරගෙන ගියේය. 
 
1950 ජනවාරි 16 වන දින බොරැල්ල ශාන්ත ඇලෝසියස්  සෙමනේරියට සම්බන්ධ වූ ඔහු බොරැල්ල ශාන්ත බර්නාඩ් සෙමනේරියය සම්බන්ධ වීමෙන් පසු 1951 අගෝස්තු 31 වන දින ආගමික වේද භාර ලබා ගත්තේය.ඔහු මහනුවර ජාතික සෙමනේරියෙන් සිය දේවධර්ම අධ්‍යයනය අවසන් කළ අතර, අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ (එවකට අගරදගුරු) විසින් 1958 පෙබරවාරි 3 වන දින කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පූජකවරයෙකු ලෙස පැවිදි විය. 
 
1968 අප්‍රේල් 9 වැනි දින තේරී පත් වූ අතර අතර 1968 ජුලි 17 වැනි දින කොළඹ සහායක රදගුරු සහ මුලියා හි නාමික රදගුරු ලෙස රදගුරු අභිශේකය ලැබීය. 
 
උන්වහන්සේ පිලිපීනයේ ඇඩම්සන් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියක් ලැබීය.
 
දිනපතා සහ සති අන්ත පුවත්පත් සඳහා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම පුළුල් ලෙස උන්වහන්සේ ලිපි ලියූ අතර පොත් විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළේය.  පාසල්, ජාත්‍යන්තර පාසල් සහ කාර්මික පාසල් 15ක් පමණ පිහිටුවීමට එතුමානන් දායක වී ඇත. උන්වහන්සේගේ උපන් ගම වන කැලණියේ ජනතාව සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කළේය.
 
2002.07.27 දින කොළඹ අගරදගුරු ලෙස පත් වූ උන්වහන්සේ 2009 අගෝස්තු මාසයේදී රදගුරු ධූරයෙන් විශ්‍රාම ලැබීය. 

Comments