STF බස් රථ 3 ක් ගැටී සෙබළු 9 ක් රෝහලේ | සිළුමිණ

STF බස් රථ 3 ක් ගැටී සෙබළු 9 ක් රෝහලේ

ගාළු මුවදොර පිටියේ පැවැත්වීමට නියමිත නිදහස් දින පෙලපාලියේ පෙර පුහුණුවීම් සදහා කටුකුරුන්ද  විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ සිට සෙබළුන් රැගෙන යමින් සිටී බස් රථ 3 ක් අද (02) උදෑසන එකිනෙක ගැටී සෙබළුන් 9 ක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
 
කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන්ගත් බස් රථ පානදුර නල්ලුරුව ප්‍රදේශයේ ගාලුපාරේ දී පෙරවරු 5.30 ට පමණ   අනතුර සිදුව ඇත.
 
තුවාල ලැබූ සෙබළුන් පානදුර මූලික රෝහලට රැගෙන ගිය බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.
 
එක් බස් රථයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවත්, අනතුරෙන් සිවිල් පුරවැසියන්ට සහ මහජන හෝ පෞද්ගලික දේපල වලට කිසිදු හානියක් සිදුව නැති බවත් විශේෂ කාර්ය බළකා නිලධාරීයෙක්  පැවසීය.
 
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති.

Comments