පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් දිවයිනට | සිළුමිණ

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් ( Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඊයේ  (01) ද සවස කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙන් දිවයිනට පැමිණ තිබෙයි.
 
ඇය සමග දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ ඇත.
 
 ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවයට ද සහභාගී වීමට මෙම පිරිස ලංකාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
 
ඔවුන් පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද  කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

Comments