
බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන සංජය කපූර් හා චුන්කි පාන්ඩේ මහත්වරු කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම අවස්ථාවේ ඔවුන් කොළඹදී සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා හමුවී තිබෙන අතර, එහිදී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
එහිදි ඔවුන් සදහන් කලේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබාදිය හැකි උපරීම සහය ලබාදෙන අතර, ඒ වෙනුවෙන් බොලිවුඩයේ සුපිරි තරු මෙරටට කැඳවාගෙන විත් අවැසි සහය ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත රටක් බව පෙන්වාදෙන බොලිවුඩයේ සුපිරි තරු යුගල එයින් නිසි ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද ඒ වෙනුවෙන් තමන්ගේ සහාය ලබාදෙන බවද ඔවුහු සදහන් කළහ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා ද මේ අවස්ථාවට එක්විය.