ඩෙංගු දෙවැනි කාණ්ඩය ව්‍යාප්ත වීමේ අවදානමක් | සිළුමිණ

ඩෙංගු දෙවැනි කාණ්ඩය ව්‍යාප්ත වීමේ අවදානමක්

රට තුළ ව්‍යාප්ත වන ඩෙංගු කාණ්ඩ හතරෙන් මේ දිනයන්හි වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ දෙවැනි ඩෙංගු කාණ්ඩය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.  
 
ඩෙංගු බවට වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 57ක් වාර්තා වනුයේ ඩෙංගු කාණ්ඩ දෙක ආසාදිතයන් බවත් ඩෙංගු වයිරසයේ කාණ්ඩ 1, 2, 3, 4 ලෙස කාණ්ඩ 4ක් පවතින අතර ඩෙංගු කාණ්ඩ 1 සහ 3 ද ආසාදිතයන් වාර්තා වන බවත් ඒ මහත්මිය පැවසුවාය. 
 
කිසියම් පුද්ගලයකුට අවස්ථා හතරක් ඩෙංගු සෑදීමේ ප්‍රවණතාවක් පවතින බවත් උණ සෑදුණු කිසියම් පුද්ගලයකු පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශක ඖෂධයක් භාවිත නොකළ යුතු බවත් ඇය පැවසුවාය.
 
නිවෙස්වල බෝ වන ඩෙංගු මදුරුවන්ගේ අඩුවක් පෙන්වන්නේ යැයි ද, ඉදිකිරීම් ස්ථාන, ආගමික ස්ථාන, පාසල් සහ වෙනත් පොදු ස්ථානයන්හි ඩෙංගු වැඩි වශයෙන් බෝ වන බවට වාර්ත වී ඇතැයි ද ඇය පැවසීය. ගම්පහ, කොළඹ, කළුතර, පුත්තලම, කල්මුණේ, යාපනය ප්‍රදේශවලින් වැඩි වශයෙන් ඩෙංගු ආසාදිතයන් වාර්තා වන බවත් ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ ආසාදිතයන් 8,451ක් වාර්තා වී ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
 
නිවෙස්වල මෙන්ම තමා වැඩ කරන ස්ථානයේ හෝ පාසල් ඇතුළු පොදු ස්ථානයන්හි ඩෙංගු මදුරුවන්ගේ බෝ වීම පාලනය කිරීමට පියවර ගත යුතු බව ද ඇය පැවසුවාය.
 

Comments