‘ඩිස්කෝ‘ STF අත්අඩංගුවට | සිළුමිණ

‘ඩිස්කෝ‘ STF අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් ‘ඩිස්කෝ‘ නමැති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
42 හැවිරිදි ඇය කඩුවෙල ප්‍රදේශයේ පදංචිකාරියකි.
 
ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයා ගෙන තිබේ.  
 
සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දැනට විදේශගතව ප්‍රංශයේ සිටින 'රූබන්' නමැති සංවිධානාත්මක අපරාධකරු සමග සෘජු සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබා දෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.  
 

Comments