එක්ස්ප්‍රස් පර්ල් ගෙනියන්න සූදානම් | සිළුමිණ

එක්ස්ප්‍රස් පර්ල් ගෙනියන්න සූදානම්

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට කපා ඉවත් කරමින් එම කොටස් අදාළ සමාගම් විසින් රැගෙන යාමට සුදානම් කර ඇත. 
 
සිංගප්පුරුව ධජය යටතේ ගමන්ගත් ලොව විශාලතම වෙළෙඳ නෞකාවක් වන එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නම් විශාල බහාලුම් නෞකාව 2021 වසරේ මැයි මස 20 වැනිදා කොළඹ වරායට නාවික සැතපුම් 9.5 දුරින් තිබියදී ගිනි ගත්තේය. අනතුරුව සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබී මුහුදුබත් වූ අතර, නෞකාවේ කොටස් එහි හිමිකාරීත්වය දරණ සමාගම් විසින් රැගෙනයාම සිදුකරනු ලැබේ.
 
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සභාපතිනී දර්ශනී ලහදපුර මහත්මිය කියා සිටියේ එම සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් මත හා නියාමනය යටතේ සිදුකරන බවයි.
 
සමුද්‍රීය පරිසරයට විය හැකි හානි අවම කර ගනිමින් මෙම කටයුතු සිදු කරන බව ද ලහදපුර මහත්මිය සඳහන් කළාය.
 

Comments