
රටේ වර්තමාන තත්ත්වය දෙස බැලුවොත් අපි සිටින්නේ විශාල ගැටලුකාරී පසුබිමකය. රට තුළ ආර්ථිකමය, සමාජමයම ගැටලුවක් මතුවී ඇත. ගැටලුවක් සිදු වූ ආකාරය පිළිබඳ විග්‍රහ කිරීම හෝ එම ගැටලුව පිළිබඳව අපි සාකච්ඡා කිරීමෙන් ඵලක් නැත. ගැටලුවක් ඇති තැනකදී අප කළ යුත්තේ එයට විසඳුම් සොයා ගන්නා ආකාරය පිළිබඳව විධිමත් සංවාදයක් ඇති කිරීමයි. මේ ඇති වී ඇති ගැටලුව සහ එහි පසු බිම් අපි දනිමු. ඒ අනුව දේශපාලනමය කරුණු, වැරදි කළමනාකරණය, සැලසුම් සහගත නොවී ගත් ණය මේ ආකාරයේ විවිධ හේතු නිසා මේ ගැටලු ඇති වී ඇත. කෙසේ වෙතත් අපි කළ යුතු වන්නේ මේ ගැටලුවට විසඳුම සොයා ගැනීමයි. රටේ ජනතාවත් ධනවත් හෝ සාමාන්‍ය මිනිසුන් හුදෙකලාව හෝ කණ්ඩායම් ලෙස ද කළ යුතු දේ කළ යුතුයි. බොහෝ දෙනකුගේ සිත් තුළ ඇති අදහස නම් මේ ගැටලුවලට විසඳුම සෙවීම නම් පාර්ලිමේන්තුව තුළ වෙනසක් ඇති කරගත යුතු බවයි. පාර්ලිමේන්තුව ඇතුළේ වෙනසක් ඇති කර ගැනීම අවශ්‍ය ද නැතිද යන කරුණ පිළිබඳව සිතීමට වැඩා අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පාර්ලිමේන්තුවේ වෙනසක් ඇති කළ හැක්කේ කවරකුට ද යන කරුණ පිළිබඳව විමසා බැලිය යුතුයි.
අපි මේ අවස්ථාවේදී කල්පනා කළ යුත්තේ දේශපාලනමය වශයෙන් රට වෙනසකට පත් කරනව ද නැත්නම් ඊට පෙර කළ යුතු දෙයක් තිබේද යන්න කල්පනා කිරීමයි. මේ වනවිට සමාජය තුළ මතුවී ඇති ප්‍රමුඛතම සංවාදය IMF පිළිබඳවයි. IMF එක මේ පවතින ගැටලුව හා කෙසේ සම්බන්ධ වන්නේද යන්න පැහැදිලි කළ යුතුයි. IMF එක සරලව ගත්තොත් බැංකුවකි. එසේ නම් අපිට බැංකුවක් අවශ්‍ය වන්නේ කුමකටද? බැංකුවක් අවශ්‍ය වන්නේ මුදල් ඇති අවස්ථාවලදී මුදල් තැන්පත් කිරීමටය. එසේ නැතිනම් අපිට මුදල් නොමැති අවස්ථාවලදී බැංකුවෙන් ණයක් ගැනීමටය. මේ අවස්ථාවේදී අපේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට, රටේ අවශ්‍යතා සපුරාලීමට රටක් හැටියට අපිට මුදල් අවශ්‍යයි. අපිට මුදල් නැති අවස්ථාවක අපි මුදල් සොයා ගත යුතුයි. අපිට මුදල් සොයා ගැනීම සඳහා IMF වෙතින් ණයක් ගැනීමට සූදානමක් පවතී. බැංකුවකින් ණයක් ලබා ගැනීමේදී ව්‍යාපාරික ණයක් ගැනීමට උත්සාහ ගත් විට බැංකුව ඒ ව්‍යාපාරය පවත්වා ගෙන යෑම සම්බන්ධව විවිධාකාරයේ නීති රීති, අදහස් හා යෝජනා ඉදිරිපත් කරයි. ඒ අයගේ ක්‍රමවේද අනුගමනය කළ යුතු වෙයි. IMF එක ඉදිරිපත් කර ඇති යෝජනා සහ ක්‍රමවේද දෙස මඳකට සිත යොමු කරමු.
විදුලිය නියමිත මිලට වඩා අඩු මුදලකට ලබා දිය නොහැකියි. IMF එක කියන්නේ විදුලිය සහනාධාරයක් හැටියට ලබා දිය නොහැකි බවයි. IMF දුන් ඒ යෝජනාව පැත්තකින් තබා අපි සරලව කල්පනා කරමු. ව්‍යාපාරයක් ගත්තොත් ඕනෑම ව්‍යාපාරයක පැවැත්ම සඳහා නිෂ්පාදනය කරන මිලට වඩා යම් කිසි මුදලක් වැඩියෙන් එය අලෙවි කිරීමට අවශ්‍යයි. ඒක සරල ව්‍යාපාරික න්‍යායක්. නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් යම් භාණ්ඩයක් අලෙවි කළහොත් ඒ ආයතනය පාඩු ලබයි. ඒ ආයතනය වැඩි කාලයක් පවත්වා ගෙන යන්න බැරි වෙයි. එහෙනම් මේ න්‍යායට අනුව අපි කල්පනා කළහොත් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා විවිධ ක්‍රමවේද පාවිච්චි කරයි. නමුත් පොදුවේ මේ අගයන් එතකු කර සාමාන්‍ය අගයක් හැටියට ගත්තොත් විදුලි බිල වැඩි කිරීමට පෙර විදුලිය අලෙවි කර තිබුණේ ජනනය කිරීමට යන එහෙම නැත්නම් නිෂ්පාදන වියදමට වැඩිය අඩුවෙනි. මේ ගැටලුව ඇති වූයේ ඒ අනුවයි. සේවා සැපයීමේදී නිෂ්පාදන වියදමට වැඩිය අඩු මුදලකට ඒ භාණ්ඩය සපයනවා නම් ඒ පාඩුව රජය භාණ්ඩාගාරය විසින් දරයි. රාජ්‍ය භාණ්ඩාගාරයට එහෙම නැත්නම් රජයට රජයකට මුදල් රටේ පුරවැසියන්ගෙන් ලබා ගන්නා බදු වලින් රජයට සම්බන්ධ සමාගම් වලින් ලැබෙන ලාබයෙන් එහෙමත් නැත්නම් රජය දේශීය හෝ විදේශීය ලබා ගන්නා ණය මඟිනි. මේ ආකාරයෙන් ලබා ගන්න මුදල් වුණත් සහනාධාර වලට වැය කළොත් ඒ මඟින් රටට යහපතක් නොවෙයි. අවශ්‍යයි. මුදල් උපයන අයගෙන් ලබා ගන්නා බදු වලින් සහනාධාර දීමට පටන් ගත් විට කුමක් සිදුවෙයිද?
අපි විදුලිය නිෂ්පාදනයට යන මුදල සැලකිල්ලට ගත්විට විදුලිය අලෙවි කරන්නේ නිෂ්පාදන වැඩිය අඩු මුදලකටයි. එවිට නැවතත් දැන් මේ මිල සංශෝධනය කළ විට ඒක නිෂ්පාදන මිලට වැඩිය වැඩි වෙයි. නිවැරදි තොරතුරු අනුව ආකර්යක්ෂමතාව හෝ නාස්තිය, දූෂණය මෙහිදී කරයි. විදුලි බල මණ්ඩලයේ සත්‍ය තොරතුරු අනුව බැලූ විට විදුලි බල මණ්ඩලයේ වැටුප් ආශ්‍රිත වූ සියලු වියදම්වලට වැය වෙන්නේ නිෂ්පාදන පිරිවැයෙන් 8% ක් 10% අතර ප්‍රමාණයකි.
මේ මිල වැඩි වුණාම යම් පාඩු අවාසි ඇත. නමුත් යම් ආයතනයක පැවැත්ම සඳහා නිෂ්පාදන වියදමට වඩා යම් මුදලක් වැඩියෙන් අලෙවි කළ යුතුයි. මේ IMF කියන්නේ ඔබ නිෂ්පාදනය කරන මුදලට වඩා යම් වැඩි මුදලක් අලෙවි කළ යුතු බවය. අපි භාවිත කරන, පාවිච්චි කරන දේ අනුව ඒ අදාළ මුදල අපි ගෙවිය යුතුයි.
පුරවැසියන් හැටියට අපේ ආදයම් මාර්ග වැඩි කර ගන්නේ කොහොමද? ආදායම වැඩි කිරීමට කුමක් කළ යුතුයි ද? එසේම ආදයම් බදු ගෙවීම් සම්බන්ධයෙන් ලංකාවේ දත්ත වාර්තා ගෙන බලන විට 2021 වසරේ ලංකාවේ බදු ගෙවන පිරිස 238000 ක පිරිසකි.
ඔවුන් 2021 වසරේ ආදයම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති පිරිස 292305 දෙනෙකි. රටේ ජනගහනයෙන් 1.4%ක් එතන ඊට අමතරව තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර 16700ක් ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වි ඇත. ඒ ලියාපදිංචි වු පමණින් බදු ගෙවූ බව අදහස් නොවෙයි. ඒ දත්ත වාර්තා වලට අනුව මුල සිටම පිළිවෙළින් බදු ගෙවිම් කර ඇත්තේ පුද්ගලයින් හැටියට ගත්තොන් 32702 පමණි. රටක් ලෙස ගත්තොත් 32000ක ඉතාම සුළු පිරිසක් පිළිවෙළට බදු ගෙවා තිබෙයි. ඉතිරි අයගෙන් කොපමණ පිරිසක් බදු ගෙවුවද යන්න පිළිබඳව හරි වාර්ථා නැත.
එතකොට මෙතන්දි අපි ගත්තොක් එසේම සාමනෙයන් රුපියල් මිලියනයක විතර මාසික ආදයමක් තියෙන කෙනෙකුට තමන්ගේ ඒ උපයන ආදායමෙන් 28% විතර මුදලක් බදු හැටියට ගෙවයි. බදු රටක ඉදිරි ගමන රටක දියුණුවට ඉතාම වැදගත් වෙයි. රටේ ඉදිරි ගමනට සහනාධාර අඩු කිරීම, බදු ගෙවීම යන දෙක ම අත්‍යවශ්‍ය සාධකයි. ඒ නිසා මේ කාරණා දෙකම නියමාකාරයෙන් කළ යුතු වෙයි. මේ රටේ මුදල් පාලනය සඳහා රටේ ව්‍යවස්ථාවේ හැටියට දේශපාලඥයන්ට බලයක් නැත. ඒ අනුව අනුමත කිරීම් සඳහා මූල්‍ය කළමනාකරණය නැත්තම් වියදම් සඳහා අනුමත කිරීම් සියල්ල සිදු වන්නේ පරිපාලන නිලධාරියෙක් හරහායි. යම් විධියකින් දූෂණයක් සිද්ධ වෙනවා නම් වංචාවක් සිද්ධ වෙනවා නම්, ඒ අඩුපාඩුවලට මූලික ප්‍රධානම වගකීම ඇත්තේ මේ පරිපාලන නිලධාරීන්ටය. කොතනද වැරද්ද සිදු වූයේ කියා කල්පනා කළ යුතුයි. මේ වෙච්ච වැරුද්ද නිවැරදි කර ගන්න විසඳුම් සොයා ගන්න ආකාරය අපි කල්පනා කළ යුතුයි.
අපි වර්තමායේ සත්‍ය වශයෙන්ම සොරකම දූෂණය වංචාව අවම කළ යුතුයි. ඒ අනුව ඉතාම හොඳ හා සෘජු තීරණ තීන්දුවලට එළැඹීමට නම් දූෂණය අවම කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි. පැවති ආර්ථිකය නැත්නම් මූලික මුදල් උප්පාදන ක්‍රමවේද වෙනස් වී ඇත. විශාල වශයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණයට හා මෘදුකාංග නිෂ්පාදනයට ඉතා විශාල ඉල්ලුමක් ඇත. රටේ ඉතාම හොඳ බුද්ධියක් දැනුමක් එහෙම නැත්නම් නිපුණත්වයක් ඇති පිරිස් වෙයි. මේ අය මේ සම්බන්ධව අවබෝධයක් දැනුමක් ලබා ගැනීම තුළින් ආදායම උත්පාදනය කිරීමේ ක්‍රම විශාල වශයෙන් ඇත. මෘදුකාංග නිෂ්පාදනය නැත්නම් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව මෘදුකාංග ඉංජිනේරු අංශයට විශාල අවස්ථා ඇත. ඒ ආයතනවලට සේවය සපයන්නට හැකි ලෙස ඒ පිළිබඳව දැනුමක් හා කුසලතාවක් ලබා ගැනීමට අපි යොමු විය යුතුයි.
ලෝකය පුරාම කෝවිඩ් තත්ත්වයෙන් අනතුරුව සහතිකවලට ඇති ඉල්ලුම ඉතාම අඩු වී ඇත. සහතික වෙනුවට අද ලෝකය බලාපොරොත්තු වන්නේ කුසලතා නිපුණතාවයි. කුසලතාව, නිපුණතාව තිබේ නම් එය සහතිකවලට වඩා විශාල සුදුසුකමකි. ඒ නිසා අද ලංකාවේ තරුණ තරුණියෝ බොහෝමයකට සහතික නැතත් නිපුණත්වය ඇත. මෘදුකාංග නිෂ්පාදනයට මොවුන් ඉතා ඉහළ වැටුප් හා ආදායම් ලබන්නේ ඒ නිසයි.
අලුත් මෘදුකාංගයක් තියෙනවා බි ++ නමින්. ඒ මෘදුකාංගයත් ජාවා මෘදුකාංගයත් යන මෘදුකාංග ගැන අවබෝධයක් ඇති කෙනෙක්ට ඉතා විශාල ඉල්ලුමක් තිබේ. නිවසේ සිට රැකියාව කිරීමේ අවස්ථාව අද නිර්මාණය වී ඇත. අමෙරිකාව වගේ රටකට එංගලන්තය වගේ රටකට වැඩ කිරීමේ නැත්නම් රැකියාව කිරීමේ හැකියාව ඇත. සිතුවිලි වෙනස් කර ආකල්ප වෙනස් කර අපි වෘත්තීන් දිහා බලන්නට පටන් ගත යුතුයි. ඒ සාම්ප්‍රදායික ක්‍රමෝපායන් වලින් බැහැරව සිතිය යුතුයි. දැනුම කුසලතාව වර්ධනය කර ගැනීමට අවධානය යොමු කරගත යුතුයි.
මේ ලෝකයේ ඇතිවන අලුත් රැකියා අවස්ථා දෙස බලා ඒවට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි. මේ විදේශ රටකට යෑමට අද බොහෝ පිරිස් උත්සාහ කරයි. බටහිර රටවල් සියල්ලම පාහේ ඉන්නේ ඉතාම උග්‍ර මූල්‍ය අර්බුදවලයි. අපි මහන්සි වී වැඩ කළ යුතුයි. කාලයේ තාලයට ගැළපෙන ආකාරයට, අලුත් රැකියා අවස්ථාවලට ගැළපෙන විදියට තමන්ගේ හැකියාව වෙනස් කර ගනිමින් ඒ සඳහා උනන්දුවෙන් මහන්සියෙන් වැඩ කළ යුතුයි. පරිසරයේ ගැටලුකාරී තත්ත්ව තුළ සතුටෙන් තමන්ගේ ජීවිතය ගෙවීමට අවස්ථාව හැකියාව ලැබි ඇත. රට දිහා සුබවාදී ආකල්පයෙන්, නිවැරදි දැක්මකින් බැලිය යුතුයි. අඩුපාඩු නැති රටක් හැටියට සංසන්දනය කළොත් ලෝකයේ බොහෝ රටවල නැති සුවිශේෂි ගුණාංග රැසක් අපේ රටේ වෙයි. මිනිස්සුන්ගේ සිතිවිලි වෙනස් වූ විට වැඩ කරන විදිය වෙනස් වෙයි. ඒ නිසා මේ රටේ ජනතාව තුළ ආකල්ප පරිවර්තනයක් ඇති විය යුතුයි. අපි වෙනස් විය යුතුයි කියන සිතුවිල්ල ඇති විය යුතුයි. ඒ වෙනස්වීම තුළ අපි අපේ රටේ ඇති වී ඇති ප්‍රශ්න විසඳාගත යුතුයි. රට ගැන හැඟීමෙන් කටයුතු කළ විට මේ ගැටලු අබිබවමින් අපිට ඉදිරියට යෑමේ හැකියාව ඇත. ආකල්ප වෙනස් වෙන විට මගෙන් ඈත් වූ කාර්යභාරය පිළිබඳව වැටහීමක් ඇත. මම රටට දක්වපු දායකත්වය කුමක්ද යන දේ පිළිබඳ කල්පනා කළ යුතුයි; එමෙන්ම වටහා ගත යුතුයි.
අප මේ රටේ සැබෑ පුරවැසියෙක් ලෙස වැඩ කටයුතු කළ යුතුයි. අපි තනිවම ඒ විදියට කල්පනා කර වෙනස් වූ විට අපිට මේ ගැටලුකාරීත්වය වෙනස් කරන එක අපහසුවක් නොවෙයි. අපි රටක් හැටියට ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳා බැලිය යුතුමයි. අපේ ආර්ථිකය අපේ රටේ දළ ජාතික නිෂ්පාදනය කුඩා මට්ටමක පවතී. අපි මේ රට ගොඩ නැඟීම සඳහා පුද්ගලයන් හැටියට ක්‍රියාත්මක විය යුතුය. අපිට මේ මානසික පරිවර්තන ඇති වෙනවිට අප නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යන පිරිස නිරායාසයෙන්ම වෙනස් වෙයි.