
ඉන්දීය 74 වන ජනරජ දින සමරුව නිමිත්තෙන් ජනවාරි 24 දින සිට 26 දක්වා මෙරට ස්ථාන කිහිපයක විශේෂ වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
ජනවාරි 24 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාව වමේ සේයාරුවෙන් දැක්වේ. මැද සේයාරුවෙන් දැක්වෙන්නේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවෙසේ ජනවාරි 26 වෙනිදා පස්වරුවේ ප්‍රධාන සැමරුම් උත්සවයට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් පිළිගත් අවස්ථාවයි. දකුණේ සේයාරුවෙන් දැක්වෙන්නේ 26 වෙනිදා පෙරවරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැති ධජ එසවීමේ උත්සවයේදී මහකොමසාරිස්වරයා ආචාර පෙළපාළිය නිරීක්ෂණය කළ අවස්ථාවයි.
සේයාරූ - සුලෝචන ගමගේ