
මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE හි කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවතේ අංක 61 ස්ථානයේ පිහිටි බොරැල්ල ශාඛාවේ නව රන් ණය මධ්‍යස්ථානය පසුගියදා ස්ථාපිත කෙරිණ.
බොරැල්ල ප්‍රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට Gold Plan සහ VIP Gold Loan ඇතුළු සමාගමේ නව්‍ය රන් ණය සේවා සමඟ එක්වීමට අවස්ථාව ලබා දීම සඳහා මේ නව රන් ණය ඒකකය හඳුන්වා දෙන ලදී. නව සේවා මධ්‍යස්ථානය තුළින් සිය ගනුදෙනුකරුවන්ට ඒ ඒ පුද්ගලයාට සුදුසු පරිදි සහතික කළ සේවාවක් සැපයීම සඳහා කැපවෙන බව HNB FINANCE සහකාර සාමාන්‍යාධිකාරි - රන් ණය ලක්ෂ්මන් රණසිංහ පැවසීය.