ස්විස්ටෙක් ඇලුමිනියම් වෙත ISO 50001:2018 ප්‍රමිති සහතිකය | සිළුමිණ

ස්විස්ටෙක් ඇලුමිනියම් වෙත ISO 50001:2018 ප්‍රමිති සහතිකය

පරිසර හිතකාමී බව සහ තිරසාරත්වය සම්බන්ධයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම දක්වන සුවිශේෂී කැපවීම තවදුරටත් තහවුරු කරමින් එම සමාගම පසුගියදා ජාත්‍යන්තර ISO 50001:2018 ප්‍රමිතිකරණ සහතිකය ලබා ගැනීමට සමත් විය. මෙම සහතිකකරණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ බලශක්ති කළමනාකරණ පද්ධතිය (Energy Management System - EnMS) සහතික කරමින් ප්‍රදානය කළ අතර, ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමාගම් අතරින් මෙම සහතිකකරණය ලබාගත් පළමු සමාගම ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම වීම විශේෂත්වයකි.

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු පැවසුවේ මෙය තම සමාගම ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් බවත් මේ සහතිකකරණය දිනාගත් ඇලුමිනියම් ක්ෂේත්‍රයේ පළමු සමාගම බවට පත්වීම විශාල ආඩම්බරයක් බවත්ය.

Comments