රයිගම් ටෙලි සම්මාන උලෙළේ සන්නිවේදන සහකරු SLT-MOBITEL | සිළුමිණ

රයිගම් ටෙලි සම්මාන උලෙළේ සන්නිවේදන සහකරු SLT-MOBITEL

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව සිවුවැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උලෙළේ නිල සන්නිවේදන සහකරු සහ Raigam Tele’es Nominees උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට උපහාර පිදෙන ප්‍රධානතම ජාතික සම්මාන උලෙළ වන රයිගම් ටෙලි සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 'යළි පිබිදෙමු' තේමාව යටතේය. රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ සහ MOBITEL (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චන්දික විතාරණ අනුග්‍රාහකත්වය හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. රයිගම් ටෙලි සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩල ප්‍රධානී බුද්ධදාස ගලප්පත්ති ද ඡායාරූපයේ වේ.

Comments